ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධාන 7ක් එක්ව නිවේදනයක් නිකුත් කරමින් කියා සිටින්නේ අත්අඩංගුවට ගෙන සිටින අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ රඳවා තබා ගැනීම ශ්‍රී ලංකා රජය වහා අවසන් කළ යුතු බවයි.
මෙම ඉල්ලීම කර ඇති සංවිධාන වන ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය, මානව හිමිකම් සහ සංවර්ධනය සඳහා වූ ආසියානූ සංසදය, හියුමන් රයිට්ස් වොච් සංවිධානය, පෙරටුගාමී ආරක්ෂක සංවිධානය, ශ්‍රී ලංකාව පිළිබඳ ජාත්‍යන්තර ක්‍රියාකාරී කණ්ඩායම සහ සාමය හා යුක්තිය සඳහා වූ ශ්‍රී ලංකාව කණ්ඩායම යන මානව හිමිකම් සංවිධාන මේ අතර වේ.
වසන්ත මුදලිගේ අත්අඩංගුවට ගනුලබන්නේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ බවත් එම පනත අවලංගු කිරීම කාලයක් පුරා රජය දුන් පොරොන්දුවක් බවත් මෙතෙක් එම පනත අවලංගු කිරීමට රජය පියවර නොගෙන ඇති බවත් දුෂිත පාලනයට එරෙහිව ඇරබුනු ජන අරගලයට රජය පිළිතුරු ලබාදුන්නේ පොලීසිය ඇතුළු ආරක්ෂක අංශයන්ට පුළුල් බලතල ලදදීමෙන් බවත් එම නිවේදනයේ සදහන්ව තිබේ.
රජය විසින් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගත් බොහෝ දෙනා මේ වන විටත් රජය විසින්ම නිදහස් කර ඇති බවත් තවදුරටත් වසන්ත මුදලිගේ අත්අඩංගුවේ තබා ගැනීමට කිසිදු හේතුවක් නොමැති බවත් මෙම නිවේදනයේ වැඩිදුරටත් සදහන්වේ.දැක්වේ.