වසන්ත මුදලිගේ නිදහස් කරණ ලෙස ඉල්ලා දිවුරුම් ප්‍රකාශයක්.

අඛණ්ඩව දින 159ක් රක්ෂිත බන්ධනාගාර කර සිටින අන්තර් විශ්ව විද්‍යාලීය ශිෂ්‍ය  බල මණ්ඩලයේ කැදවුම්කරු වසන්ත මුදලිගේ නිදහස් කරණ ලෙස දන්වා දිවුරුම් පෙත්සමක් සදහා අත්සන් ලබා ගැනීමක් අද (24) දින දී නුවරඑළිය ප්‍රධාන බස් නැවතුම් පළ අසලදී සිදු කල බව වාර්තාවේ.

පෙරටුගාමී සමාජවාදී පක්ෂ සාමාජිකයන් හා අන්තර් විශ්ව විද්‍යාලීය ශිෂ්‍ය  බල මණ්ඩලය විසින් සංවිධානය කර තිබුණි.

ත්‍රස්තවාදය වැළක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙනසිටින ඔහුව නිදහස් කරගැනීමේ පෙත්සම අත්සන්කර සහයෝගය දැක්වීමට නුවරඑළිය ප්‍රදේශයේ පුද්ගලික හා රාජ්‍ය සේවකයින් මෙන්ම සිවිල් ප්‍රජාවද සහබාගි වී සිටිනු දැක ගැනීමට හැකි වූ බව වාර්තාවේ.

Exit mobile version