ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ හෝ වෙනත් ඕනෑම රාජ්‍ය නිලධාරියෙක් වරදක් කල විට ඔවුන්ට එරෙහිව නඩු පැවරීමට හැකි ආකාර හතරක් නීතියේ පෙන්වයි. ඊට අමතරව විනය බලධාරියා විසින්ද ඔවුන්ට විරුද්ධව පරීක්ෂණයක් කල යුතු නමුත් එය සිදුවන්නේ ඉදිරිපත් කරන පැමිණිල්ල මතය.
මේ වනවිට වසන්ත මුදලිගේ ඇප මත එලියට පැමිණ තිබේ. නවතම ආරංචිවල හැටියට ත්‍රස්ත විමර්ෂණ කොඨිඨාශයේ නිලධාරීන්ට විවිධ නඩුවලට මුහුණ දීමට සිදුවේ. එම නිලධාරීන්ද කාගේ හෝ උවමනාවකට නීතිවිරෝදී ලෙස කටයුතු කලේ නම් සහ දැන දැනම වරදක් කලේ නම්ද ඔවුන්ට වගකීමට සිදු වේ.
එසේම මහේස්ත්‍රාත් අධිකරණය විසින් අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කාර වසන්ත මුදලිගේට ඇප ලබාදීමට එරෙහිව නීතිපතිවරයා විසින් අභියාචනයක් ගොනුකිරීමට තීරණය කර ඇතැයි වාර්ථා වේ. එම ඉල්ලීම පොලිස්පතිවරයා විසින් කල බවටද වාර්ථා වේ.
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ 2021 නොවැම්බර් මස 21 සිට විවිධ චෝදනා යටතේ රඳවා තබා ගැනීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි වසන්ත මුදලිගේ එම නඩුවෙන් නිදහස් කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් පෙරේදා (ජනවාරි 31 වැනිදා) නියෝග කළේය.
ඊට අමතරව වසන්ත මුදලිගේට එරෙහිව පවතින තවත් නඩු 03කට ඊයේ (01) ඇප නියමවිය. ඒ, ඔහු ඊයේ කොටුව මහෙස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේදීය.
කෙසේ නමුත් ඔහු අත් අඩංගුවට ගැනීම වැරදි බව අප මුල් කාලයේදීම වාර්ථා කල අතර නැවත දැවැන්ත අරගලයක් සිදුවන්නේ මෙම අත් අඩංගුවට ගැනීම සහ අනවශ්‍ය මර්ධනය නිසා බවද අප සදහන් කර තිබේ. අවසානයේ අමාරුවේ වැටෙන්නේ පොලිස් නිලධාරීන්ම බවද අප ඔහු අත් අඩංගුවට ගත් දිනවලම සදහන් කර තිබේ.
.
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ දින 89ක් රඳවා තබා ගෙන ඉන්පසු තවත් දින 78ක් රක්ෂිත බන්ධනාගාර ගත සිටි අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ ඊයේ (පෙබරවාරි 01) ඇප මත නිදහස ලැබුවේය.
”ආණ්ඩුවට ඕනෑකම තිබුණේ අපිව හිර කරලා, ඝාතනය කරන්න පුළුවන් නම් ඝාතනය කරලා දාන්න. ඒවාට සැලසුම් කළේ කොහොමද ? මොන තැන්වලට ද අරන් ගියේ කියලා හෙට විශේෂ මාධ්‍ය හමුවක් තියලා කියන්නම්.” යනුවෙන් ඔහු වැඩිදුරත් ප්‍රකාශ කළේය.