ත්‍රසත්වාදය වැළැක්වීමේ පනත යටතේ දැනට රැඳවුම් භාරයේ සිටින අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේගේ ජීවිතාරක්ෂාව සඳහා පොලිසිය අවශ්‍ය සියලු පියවර ගත යුතු බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව නිවේදනය කරයි.
මේ වන විටත් පවතින උද්ඝෝෂණ පවතින්නේ ඔහු සහ අරගලකරුවන් එල්ලකර සිදුකරන දඩයම නිසාය. ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ සභාපති, විනිසුරු රෝහිණී මාරසිංහ සඳහන් කරන්නේ වසන්ත මුදලිගේගේ ජීවිතාරක්ෂාව සඳහා පොලිසිය වගකීමෙන් යුතුව ක්‍රියා කළ යුතු බව යි.
වසන්ත මුදලිගේ සම්බන්ධයෙන් පළ වන මාධ්‍ය වාර්තා පදනම් කර ගනිමින් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව පොලිස්පතිවරයා වෙත එම උපදෙස් ලබා දී තිබෙන බව සදහන් වේ.
එසේම එම කොමිෂම සදහන් කරන්නේ සියලුම පුද්ගලයින්ට නීතියේ සමාන ආරක්ෂාවට හිමිකම් ඇති අතර කිසිදු පුරවැසියෙකු ඔවුන්ගේ දේශපාලන මතය මත වෙනස් කොට සැලකීම නොකළ යුතු බවය.
කෙසේ වෙතත් අපට ශ්‍රී ලංකාවේ කිසිම ආයතනයකින් ජනතාවගේ අයිතිවාසිකම් සුරකින බවක් අපට දක්නට නැත. බලය තිබෙන අයට ඕනෑ ආකාරයෙන් සහ සබඳතා මත පමණක් නීතිය සහ කටයුතු සිදුවන අතර මේ සියල්ල විසදීම සදහා කිසිදු දැක්මක් තවමත් ඉදිරිපත්ව නැත.