මෙරට වසරකට ළමුන් 900ක් පමණ පිළිකා රෝගයට ගොදුරු වන බව ජාතික පිළිකා මර්ධන ව්‍යාපාරය ප්‍රකාශ කරයි.
එම ළමුන්ගෙන් වැඩි පිරිසක් ලේ පිළිකාව හෙවත් ලියුකේමියාවට ගොදුරු වන බව ජාතික මර්ධන ව්‍යාපාරයේ විශේෂඥ වෛද්‍ය සුරාජ් පෙරේරා මහතා ප්‍රකාශ කරන ලදී.තවද අස්ථි ආශ්රිත සහ මොළය ආශ්රිත පිළිකාවලට ගොදුරු වූ අයද සිටින බව කියයි.එමෙන්ම ඔහු වැඩි දුරටත් ප්‍රකාශ කළේ මෙම පිළිකා තත්ත්වයන් මුල් අවස්ථාවේදී හදුනා ගෙන නිසි ප්‍රථිකාරවලට යොමු වුවහොත් සුව කළ හැකි බවයි.
අදට (15) යෙදී තිබෙන ජාත්‍යන්තර ළමා පිළිකා දිනය ට සමගාමීව පිළිකා රෝගය පිළිබද දැනුවත් කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කරන බව ඔහු තව දුරටත් ප්‍රකාශ කරන ලදී.