වසරේ ගත වූ මාස කිහිපය තුළ මෙරටින් ඩෙංගු රෝගීන් 70,000කට ආසන්න සංඛ්‍යාවක් හඳුනාගෙන ඇතැයි ජාතික ඩෙංගු මර්දන ඒකකය නිවේදනය කර තිබෙන බව වාර්තා වේ .
ඒ අනුව මේ වසරේ ජනවාරි පළමු වැනිදා සිට නොවැම්ර් පළමු වැනිදා දක්වා කාලය තුළ මෙරටින් ඩෙංගු රෝගීන් 68,497 දෙනෙකු වාර්තා වී ඇති බව එම ඒකකය සඳහන් කර තිබේ .
ඉන් වැඩි දෙනෙකු බස්නාහිර පළාතෙන් වාර්තා වන බවත් , එම සංඛ්‍යාව 32,862ක් බවත් වාර්තා වේ .
එමෙන්ම කොළඹ දිස්ත්‍රික්කයෙන් රෝගීන් 14,475 දෙනෙකුත් , මධ්‍යම පළතෙන් ඩෙංගු රෝගීන් 7,878 දෙනෙකුත් , වයඹ පළාතෙන් 5,671 දෙනෙකුත් , සබරගමුව පළාතෙන් රෝගීන් 5,651 දෙනෙකුත් වාර්තා වන බව ජාතික ඩෙංගු මර්දන ඒකකය වැඩි දුරටත් නිවේදනය කර තිබේ .
මේ වසරේ ගත වූ මාස කිහිපය තුළ ඩෙංගු මරණ 32ක් ද වාර්තා වී ඇති බව සඳහන් .