පූර්ණ එන්නත්කරණයට ලක්වූ සංචාරකයින් සඳහා සිය රටට ඇතුළු වීමට ඔස්ට්‍රේලියාව අවසර ලබා දී ඇත.
එම තීරණය ඔස්ට්‍රේලියාව විසින් වසර දෙකකට පමණ පසුව ගෙන තිබීම විශේෂත්වයක් වනවා මෙන්ම අද (21) සිට යළි සංචාරකයින් සඳහා දේශසීමා ද විවෘත කෙරේ.
ඒ අනුව ජාත්‍යන්තර ගුවන් ගමන් වාර 50ක් පමණ අද දින තුළ දී ඔස්ට්‍රේලියාව වෙත ළඟාවීමට නියමිත බව ද විදෙස් මාධ්‍ය වාර්තා කරන ලදී.
පසුගිය වසර අග භාගය තුළ දී ඔස්ට්‍රේලියාවට ඇතුළුවිය හැකි වූයේ එරට පුරවැසියන්ට ,ස්ථිර පදිංචිකරුවන්ට සහ ඔවුන්ගේ පවුල්වලට පමණක් වන අතර පසුව ජාත්‍යන්තර සිසුන් සහ සංක්‍රමණික සේවකයින්ට ද රටට ඇතුළු වීමට අවසර හිමිවිය.