වසර හතරකට පසු එල් .ටී.ටී. ඊ සංවිධානයේ හිටපු සාමාජිකයෙකු මඩකලපුව පට්ටිපෙලෙයි තණ්ඩමාලෙයි මහ කැළයේ ගල් ගුහාවක ජීවත් වෙමින් සිටියදී සොයා ගත් බව ප්රජාතාන්ත්රවාදී සටන්කාමීන්ගේ පක්ෂයේ ප්රකාශක එස් . නගුලේස්වරන් ප්රකාශ කළ බව වාර්තා වේ. මෙම කැළයට ගිය පුද්ගලයෙකු මෙම පුද්ගලයා දැක එම තොරතුරු හෙළි කිරීමෙන් අනතුරුව කණ්ඩායමක් විසින් ගිලන් රථයකින් මඩකලපුව රෝහලට ඇතුළත් කළ බව කියයි.
මෙම පුද්ගලයා එල්.ටී.ටී ඊ. සංවිධනයේ සිටියදී ඩෙවිඩ් යන නමින් හදුන්වා ඇති අතර මොහු මඩකලපුව පළාතේ බුද්ධි අංශයේ සේවය කළ අයෙකු බවත් මේ වන විට ඔහු සිහි මද ගතියෙන් පෙළෙන බවත් එස්.නගුලේස්වරන් මහතා සදහන් කරන ලදී.
මෙම පුද්ගලයා වසර හතරක කාලයක් ගල් ගුහාවේ වාසය කරන විටදී කැලෑ පලතුරු අනුභව කරමින් සිටිය බව කියයි.