වසර හයකට පසු ඇරඹෙන ප්‍රංශ ගුවන්ගමන්

වසර 06ක් පුරාවට නවතා තිබූ ප්‍රංශය සහ ශ්‍රී ලංකාව අතර සෘජු ගුවන් ගමන් නැවතත් ආරම්භ කරමින් අද (01) දිනයේ ගුවන් මගීන් 200කින් යුක්ත ශ්‍රී ලංකන් ගුවන් යානයක් දිවයිනට පැමිණ ඇත.

අදාළ ගුවන් යානය අද අලුයම කටුනායක ගුවන් තොටුපොළ වෙත ගොඩබට බවයි වාර්තා වන්නේ.

2015 වසරේ දී නවතා දැමුණු ප්‍රංශ – ශ්‍රී ලංකා සෘජු ගුවන් ගමන් මෙලෙස නැවත ආරම්භ වන්නේ වසර 06කට පසුවය.

Exit mobile version