වසර 06 ක් සිරගෙට නියම වූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරිය

සමාජ මාධ්‍ය ජාල ඔස්සේ තායිලන්ත රාජකීය පෙළපතට අපහාස කිරීමේ චෝදනාව මත තායිලන්ත පාර්ලිමේන්තු මන්ත්‍රිනී රුක්චනොක් ශ්‍රිනොක්ට වසර 06 ක සිර දඩුවම් නියම වී ඇති බව වාර්තා වේ.

එරට ‘මූව් ෆෝවර්ඩ්’ පක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරියක වන ඇය 2020 දී තායිලන්ත රජු වන මහා වජිරලොංකෝනට අයත් සමාගමකින් නිෂ්පාදනය කළ කොවිඩ් එන්නත් සම්බන්ධව විවේචනය කරමින් සමාජ මාධ්‍ය ජාලයක් ඔස්සේ දැක් වූ සටහනක් හේතු කොටගෙන මෙම දඩුවම ලබා දී ඇත.

එරට නීතියට අනුව වසර 3 ක සිර දඩුවමක් හා පරිගණක අපරාධ පනත යටතේ තවත් වසර 3 ක සිර දඩුවමක් ලබා දී ඇති බවට තොරතුරු සදහන් වෙයි.

Exit mobile version