මෙරට පුද්ගලයින් 27,000ක් ගත වූ වසර 10 තුළ දී රිය අනතුරු හේතුවෙන් මියගොස් ඇති බවයි මහජන ආරක්ෂක අමාත්‍යවරයා සඳහන් කළේ.
වසර 30ක් පුරාවට මෙරට තුළ පැවති යුද්ධයෙන් මියගිය සංඛ්‍යාවට වඩා වැඩි සංඛ්‍යාවක් පසුගිය වසර 10 තුළ දී රිය අනතුරු හේතුවෙන් මියගොස් ඇති බවයි.
ඔහු වැඩි දුරටත් සඳහන් කළේ ,අධික වේගය, බීමත්ව රිය පැදවීම සහ මාර්ග නීති උල්ලංඝනය කරමින් රිය පැදවිම හේතුවෙන් මෙවැනි තත්වයක් උදා වී ඇති බවයි.
එමෙන් ම, බීමත්ව අධික වේගයෙන් රිය පදවන පුද්ගලයින් නීතියට හසු කරගැනීමට නව උපකරණ තොගයක් හඳුන්වා දිමට මේ වන විට සැලසුම් කර ඇති බව ද ඔහු ප්‍රකාශ කර ඇත.