රත්නපුර දිස්ත්‍රික්කයේ, වැලිගෙපොල, හඳගිරිය ග්‍රාමයේ ෙඵතිහාසික තැන්වත්ත අශ්ඨපල බෝධීන්වහන්සේ නමක් වැඩ සිටින පෞරාණික රාජමහා විහාරයේ වසර 2213 කට පසුව පළමු වරට කඨින චීවර පූජෝත්සවයක් පවත්වනු ලැබීය.
මේ සදහා මහා සංඝරත්නය 60නමකට වැඩි පිරිසක් සම්බන්ධ වී ඇති අතර මෙම කඨින පිංකම විහාරාධිපති රාජකීය පණ්ඩිත දෙල්තොට ධම්මජෝති නාහිමිගේ ප්‍රධානත්වයෙන් ෙඵතිහාසික කූරගල රජමහා විහාරයේ විහාරාධිපති වතුරකුඹුරේ ධම්මරථන නාහිමිගේ වස් ආරාධනයෙන් පැවැත්විනි.
මෙම කඨින පූජෝත්සවය වෙලක් පාදක කරගනිමින් තනන ලද අලංකාර මණ්ඩපයක් තුළ දී අද (11 ) දිනයේ සිදුකර ඇත.
එමෙන් ම මෙම හඳගිරිය පුන්‍ය භූමියේ සංඝනායක පූජ්‍ය ගලහා ධම්මජෝති හිමියන් විසින් සඳහන් කරන්නේ පුරාවිද්‍යාත්මක ගවේශනයන්ට අනුව ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ පෘථුගීසි ආක්‍රමණ සමයේ දී ආරක්ෂා කර ගැනීම සඳහා වසර 53ක කාලයක් ආරක්ෂාකාරීව මෙම හඳගිරිය පුන්‍ය භූමිය තුළ තැම්පත් කර තිබූ බවට සඳහන් වේ.
එකලදී මෙම දළදා වහන්සේගේ ආරක්ෂාව උදෙසා පොල්ලමුර,ඉඹුලමුර,මොලමුර ආදී වශයෙන් මුරපොලවල් සකසා තිබී ඇති අතර අදටත් එම ප්‍රදේශයන් හඳුන්වනු ලබන්නේ එම නමින් වීම ද විශේෂත්වයකි.
අෂ්ඨපල බෝධීන් වහන්සේලා අට නමක් මෙම ලක් දෙරණේ රෝපණය කළ අතර එම අෂ්ඨපල බෝධීන් වහන්සේලා අට නමගෙන් එක් බෝධීන් වහන්සෙ නමක් මෙම හඳගිරිය පුණ්‍ය භූමිය තුළ රෝපනය කර ඇති අයුරු දක්නට ලැබේ.එමෙන් ම මෙම බෝධීන් වහන්සේ වටා විශාල ශෛලමය බෝධි ප්‍රාකාරයක් ඉදිකර ඇති අතර එහි අවශේෂ කොටස් අදටත් දක්නට ලැබේ.
අනුරාධපුර යුගයට අයත් විශිෂ්ඨතම සඳකඩපහණ ද මෙම පුණ්‍ය භූමිය තුළ පිහිටා ඇති අතර තවත් කොරවක්ගල වැනි අග්‍රගන්‍ය නිර්මාණ රාශියක් ද මෙම භූමියේ නටඹුන්ව පවතින අයුරු අපට දැකගත හැකිය.මෙම නටඹුන් බොහෝමයක් නිධන් සොරුන් විසින් කඩා බිඳ විනාශ කර ඇති අයුරුද හොදින් පැහැදිලිය.
එසේම මෙම පුදබිමේ වැඩවාසය කරන හිමිපාණන් වහන්සේ සඳහන් කරන්නේ එම විහාරස්ථානය තුළ සංඝයා වහන්සේ නමකට වැඩ සිටීමට සංඝවාසයක් තබා වැසිකිළියක් හෝ නොමති බවයි.එමෙන් එම ස්ථානයට යන ඕනෑම අයෙකුට එය සිය ඇස් දෙකෙන්ම දැක ගැනීමේ හැකියාව පවතියි.
එමෙන් ම මෙම ප්‍රදේශයේ සිට අවට ගම්මාන තුළත් උඩවලව වනෝද්‍යානය තුළත් විවිධ ෙඵතිහාසික ගොඩනැගිලි ,සිද්ධස්ථාන ආදියේ නටඹුන් දක්නට ලැබෙන නමුත් සියවස් ගණනාවක් පැරණි අපේ පෞරාණික උරුමයන් මේ වන විට වන ලැහැබවල් තුළ වල්වැදී සැඟව ඇත.
අපේ හෙළ ඉතිහාසය මේ අයුරින් විනාශ මුඛයට ඇදී යන විට අපේ රටේ අනාගත පරපුර වෙනුවෙන් කුමක් ඉතිරිවේද යන සැකය මෙවන් අවස්ථා ඇස ගැටෙන විට අප හදවත් තුළට නැගේ. තවදුරටත් මෙවැනි පෞරාණික උරුමයන් අහිමි කර නොගනිමින් ශ්‍රී ලංකාව පුරා පැතිර ඇති අපේම හෙළ ඉතිහාසයට උරුමකම් කියන වටිනා නටඹුන් ආදිය රැක ගැනීමට කටයුතු කිරීම වර්තමානයේ හෝ සිදු කළ යුත්තක්ව ඇත.
මෙම ස්ථානය ඉතිහාසයේ දී ඉංග්‍රීසි ඒජන්තවරුන් පවා පැමිණ ගවේශනයන් සිදු කර ඔවුන්ගේ ගවේශන වාර්තා සටහන් කර ඇති නමුදු මේ වන තෙක් බෞද්ධ අපේම උරුමයක්ව පවතින මෙම පූජනීය පුදබිම පිළිබද නිසි අවධානයක් හිමිව ඇති බව දක්නට නොමැත.