වසර 5කට පෙර සිදු වූ වෙඩි තැබීමෙන් ජිවිතක්ෂයට පත් වූ ගයාන් ජීවන්තගේ ඝාතනයේ සැකකරු අපරාධ කොට්ඨාසයට ලද තොරතුරකට අනුව අත්තඩන්ගුවට ගෙන තිබේ .
මෙම සැකකරු ඝාතනයෙන් පසු ප්රදේශය හැර ගොස් තිබු අතර අපරාධ කොට්ඨාසයට ලද තොරතුරකට අනුව මට්ටක්කුලිය ඉන්ධන පිරවුම්හළ අසලදී අත්තඩන්ගුවට ගත් බවත් සැකකරු මට්ටක්කුලිය සමිත්පුර පදිංචි වී සිටි වයස අවුරුදු 45ක පුද්ගලයෙක් බවත් වාර්තා වී තිබේ. එමෙන්ම මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැඩි දුර පරීක්ෂණ පවත්වන බව කොලඹ අපරාධ කොට්ඨාසය පවසයි .
හදුනාගැනීමේ පෙරට්ටුවක් සදහා ඝාතනයේ සැකකරු කොලඹ කොටුව මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ජනවාරි 24 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කල බව වාර්තා වේ.