ව්‍යාජ දළදා මාළිගාවේ හිමිකරුට “බෝධිසත්ව ගුණෝපේත” නම දෙන්නේ ත්‍රයි නිකායික මහනාහිමිවරු

සති කිහිපයකට පෙර මෙරට මාතෘකාව වුයේ “අයිස්” ය. අයිස් ඇතුළු තහනම් මත්ද්‍රවය වෙළදාමේ දී සිටින උදවියට අනාගතයට අවශ්‍ය හොද වෙළදපොලක් නිර්මාණය කර දීමට ශ්‍රී ලංකා පොලිසිය කටයුතු කළේය. එයට මාධ්‍ය මගින්ද පුළුල් ප්‍රචාරයක්ද හිමි විය. මාධ්‍ය ලෙස අප රට තුල සිදුවන දේ වාර්තා කල යුත්තේය. “අයිස්” වලට හොද වෙළදපොලක් නිර්මාණය කර දීමට එය සමත් විය.

ඉන් පසුව කරලියට පැමිණියේ පොතුහැර වදාකඩ ප්‍රදේශයේ අලුතෙන් ඉදිකරනවා යයි කියන දළදා මාලිගාවේ සිද්ධියයි. එයද දැන් සමනය වී ගොස් තිබේ. නමුත් බුදු දහමට දැවැන්ත හානියක් සිදු වූ අතර එම සිද්ධිය වැරදි බවට තීරණය කර තිබෙන්නේ මෙරට මහනායක හිමිවරු සහ දියවඩන නිලමේවරයාය.

මෙම මාලිගාවේ සත්‍ය සොයා පසුගියදා එම ප්‍රදේශයට ගියේ ජේෂ්ඨ මාධ්‍යවේදී ධනංජය නාරන්බද්ද මහතාය. ඔහු එහි හිමිකරු වන ජානක සේනාධිපති මහතා සමග ගැඹුරු සාකච්ඡාවක නිරත විණි.

මෙහිදී අනාවරණය වන්නේ එම දළදා මාලිගාවේ සිද්දියට එරෙහි වූ නිලන්ත රණසිංහ නමැත්තා සහ ජානක සේනාධිපති යන ඇය සමග යම් ගැටුමක් තිබෙන බවයි. එසේම ඔහු   ජානකට එරෙහිව එල්ල කර ඇති චෝදනා අතරේ රත්තරන් මුතු මැණික් මෙම ස්ථානයට ගෙනවිත් දීම,  දළදා මාළිගාව යැයි පවසා සල්ලි එකතු කිරීම , පිටරට රාජ්‍ය නොවන සංවිධාන වලින් ජානක මහතාගේ පෞද්ගලික ගිණුම් වලට කෝටි ගණන් වලින් මුදල් බැර කිරීම ආදිය වේ.

කෙසේ නමුත් ජානක සේනාදීර මහතා පවසන ආකාරයට මොහු මෙම ස්ථානය ඉදිකර ඇත්තේ පිලිසකර කර පූජනීය සංඝරත්නයට පූජා කිරීමේ අරමුණින් බවය. එමෙන්ම ඔහු පොතුහැර ඉදි කරන්නේ දළදා මාළිගාවක් නොව එහි අනුරුවක් බවද ඔහු සදහන් කරයි. මෙම ස්ථානය දළදා මාළිගාවේ අනුරුවට සෑදු පළමු ස්ථානය නොවන බවත් තවත් ස්ථාන එම අනුරුවට සාදා ඇති බවත් ජානක මහතා සදහන් කළේය. එසේම ජානක මහතාට “ බෝධිසත්ව ගුනෝපේත” නමින් සන්නසක් ත්‍රයි නිකායික  මහා නායක හිමිඉවරුන් විසින් පිරිනමන ලද බවද ඔහු සදහන් කරයි. මෙම චෝදනාව සම්බන්දයෙන් ජනාධිපතිතුමාට දැනුම් දුන් බවත් , එම ලිපියේ සදහන් කරුණුද තවත් බොහෝ කරුණු ද දැන ගැනීමට වීඩියෝව නරඹන්න.

එසේම ජානක සේනාධීර මහතාට විරුද්ධව නිලන්ත රණසිංහ විසින් චමුදිත සමරවික්‍රම මහතා සමග කරන ලද සාකච්චාවද පහතින් නැරඹිය හැකිය

Exit mobile version