ව්‍යාජ පොලීසිය සහ සැබෑ පොලිසිය මුහුණට මුහුණ .

නිට්ටඹුව මාඉඹුල ප්‍රදේශයේ දී අපරාධ නිවාරණ රාජකාරියේ යෙදී සිටි නිට්ටඹුව පොලිස් ස්ථානයේ නිලධාරීන් හට සැකකටයුතු මෝටර් රථයක් පරීක්ෂා කිරීමේ දී මෝටර් රථය තුළ පොලිස් ක්‍රීඩා ඇදුමින් දෙදෙනකු  සිට ඇති අතර ඔවුන් පරික්ෂා  කිරීමේදී පොලිස් නිලධාරීන් නොවන බව නිරීක්ෂණය වීම හේතුවෙන් මෝටර් රථයෙහි ගමන් ගත් සිව් දෙනකු  අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වේ.

සැකකරුවන් ළග තිබී ව්‍යාජ අංක තහඩු කිහිපයක් හා අත්විලන්ගු යුවලක් සොයා ගෙන ඇති අතර පොලිසිය සැක කරනුයේ මොවුන් යම් කිසි අපරාධයක් කිරීම සදහා ගමන් කරමින් සිටි බවයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් නිට්ටඹුව, මුල්ලේරියාව, ගින්තොට හා එල්ලක්කල ප්‍රදේශ වල පදිංචි අවුරුදු 25ත් 42 ත් අතර වයස් වල පසුවන පුද්ගලයන් බව පොලිසිය සදහන් කරයි.

සැකකරුවන් අද (9) අත්තනගල්ල අධිකරණය වෙත ඉදරිපත් කිරීමට නියමිත අතර පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

Exit mobile version