ව්‍යාපාරිකයකු මහල් 7 න් බිමට.

කොළඹ කුරුඳුවත්ත, රොස්මිඩ් ප්‍රදේශයේ  මහල් හතකින් යුත් ගොඩනැගිල්ලකින්  බිමට  වැටී ව්‍යාපාරිකයකු මිය ගොස් තිබේ.

මෙලෙස මියගිය  ව්‍යාපාරිකයා  ඊයේ (23) එම මහල් නිවාසයේ හත් වන මහලෙන් බිමට  ඇද වැටී සිදුවූ  අනතුරකින්  මිය ගොස් ඇති බව  පොලීසිය සඳහන් කරයි.

මෙම අනතුරට ලක්ව මිය ගොස් ඇත්තේ 47 හැවිරිදි කොළඹ පහ ප්‍රදේශයේ පදිංචිව සිටි අයෙක් වන අතර  සිද්ධිය සම්බන්ධයෙන් කුරුඳුවත්ත පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.

Exit mobile version