ව්‍යාපාරිකයකු හට අයත් බම්බලපිටිය නිවසකින් රුපියල් කෝටියකට ආසන්න මුදල්,රුපියල් කෝටියක් පමණ වටිනා රන් භාණ්ඩ, ඇමරිකානු ඩොලර් 6000ක් හා බලපත්‍ර සහිතව ලග තබාගත් ගිනි අවියක් සොරා ගෙන ගොස් ඇති බව පොලීසිය සදහන් කරයි.
වාහන ව්‍යාපාරිකයකු වන නිවෙස් හිමියා නිවසේ නොසිටි අවස්ථාවකදී මෙම සොරා ගැනීම සිදුව ඇති බව පොලීසිය වැඩිදුරටත් සදහන් කරයි.
සැකසහිත පුද්ගලයකු ඊයේ (16) නිවසේ තුන් වන මහලේ සිටින බව බිරිද ව්‍යපාරිකයාට පැවසු බවද සදහන්වේ. මංකොල්ලකන ලද මුදල්, රන්බාන්ඩ්ඩ, ගිනි අවිය ගැන හෝ සැකකරු පිළිබද මෙතෙක් කිසිදු තොරතුරක් ලැබී නොමැති අතර පොලීසිය විසින් වැඩිදුර පරීක්ෂණ සිදුකෙරේ.