ව්‍යාපාරික ඝාතනයට බිරිඳගෙනුත් ප්‍රකාශ සටහන් කර ගනියි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ව්‍යාපාරික දිනේෂ් ෂාෆ්ටර් ඝාතනය සම්බන්ධයෙන් ඔහුගේ බිරිඳගෙන් ද ප්‍රකාශ සටහන් කරගෙන තිබේ.

ඒ අනුව ඇයගෙන් ඊයේ (19) දිනයේ පැය 04කට අධික කාලයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශ සටහන් කරගෙන තිබේ.

එමෙන්ම එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ ව්‍යාපාරික දිනේෂ් ෂාෆ්ටර් ඝාතනය සම්බන්ධයෙන් මේ වන විට 15 දෙනෙකු පිළිබඳව සැක මතු වී තිබේ.

මේ අතර පුද්ගලයින් 30 දෙනෙකුට අධික පිරිසකගෙන් මේ වන විට ප්‍රකාශ සටහන් කරගෙන ඇති බව වාර්තා වේ.

එමෙන්ම ඝාතන විමර්ශනවලදී ෂාෆ්ටර්ගේ සමීපතමයින් කිහිපදෙනෙකු සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කර ඇත.

Exit mobile version