රංගල පොලිසිය විසින් ව්‍යාජ මුදල් නෝට්ටු සමග සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන ඇත.
ඊයේ (04) දිනයේ දී රංගල පොලිසිය විසින් සිදුකරන ලද වැටලීමකට අනුව මෙම එක් සැකකරුවෙක් උඩවෙල හංදිය අසල දී ව්‍යාජ මුදල් රු.1,000 නෝට්ටු 02ක් සමග අත්අඩංගුවට ගෙන ඇත.
අනතුරුව රංගල පොලිසිය විසින් සිදුකළ වැඩිදුර විමර්ශනවලදී තවත් සැකකරුවෙක් ව්‍යාජ මුදල් 1,000 නෝට්ටු 50ක තොගයක් සමග රංගල පොලිසියේ දී අත්අඩංගුවට ගෙන ඇත.
අදාළ සැකකරුවන් වයස අවුරුදු 35 – 46 වයසැති උඩිස්පත්තුව ප්‍රදේශයේ පදිංචි පුද්ගලයින් දෙදෙනෙක් බව මේ වන විට අනාවරණය වී ඇත.
ඔවුන් වැඩිදුර විමර්ශන කටයුතු සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත අද (05) දිනයේ භාර දීමට නියමිතව ඇති බව පොලිස් මාධ්‍ය අංශය සඳහන් කරයි.