වායු ගෝලය යථා තත්ත්වයට පත්වෙමින් පවතියි.

රට තුළ උද්ගතව ඇති වායු ගෝල දූෂණ තත්ත්වය පිළිබඳ සොයා බැලීම සඳහා මධ්‍යම පරිසර අධිකාරිය විසින් වැඩපිළිවෙළක් සංවිධානය කර තිබේ.

මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති සුපුන් එස්.පතිරගේ මහතා සඳහන් කළේ දිවයිනපුරා වායු තත්ත්වය පරීක්ෂා ස්ථාන 60ක් පිහිටුවීමට සැලසුම් කර ඇති බවයි.

මෙම කටයුතු රජයේ ආයතන කිහිපයක් සහ විශ්වවිද්‍යාල කිහිපයක් සමග එක්ව ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බවත් ඒ මහතා වැඩිදුරටත් සඳහන් කරන ලදී.

ඊයේ (08) දිනයේ වාර්තා වූයේ දශකයකට පමණ පසුව මෙරටින් වාර්තා වූ වැඩිම වායු ගෝලීය දූවිලි අංශු ප්‍රමාණය වන අතර මෙම තත්ත්වයට හේතුව මැන්ඩවුස් සුලි කුණාටුව සමග ඉන්දියාවේ සිට දූවිලි අංශු මෙරටට ගලා ඒමයි.

මෙම තත්ත්වය පිළිබඳ වාර්තා කරමින් කාලගුණ අංශ ප්‍රකාශ කළේ අද (09) සිට මෙම දූවිලි අංශු කෙමෙන් කෙමෙන් අඩුවිය හැකි බවයි.

Exit mobile version