මේ දිනවල කොළඹ නගරය ආශ්‍රිතව සහ ලංකාව පුරා බලපා තිබෙන අධික මිදුම් සහගත ස්වාභාවය නොහොත් විෂ දුමාරය පිළිබද සාකච්ඡා කිරීමට රිච්වේ ආර්යා රෝහලේ ස්වසන රෝග පිළිබද ළමා විශේෂඥ වෛද්‍ය චන්නද සිල්වා මහතා සමග ජේෂ්ඨ මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතා සමග CNB වැඩසටහන සමග එක්විය.
මෙහිදී වාතයේ තිබෙන සංගටක ප්‍රමාණයේ වැඩිවීමක් පෙන්වන අතර එහිදී විෂ වායු වර්ග මෙන්ම දුවිලි අංශු ප්‍රමාණය වැඩිවේ. දුවිලි අංශුවල වැඩිවීම නිසා මෙය මීදුමක් ලෙස පෙන්නුම් කලත් ඇත්ත වශයෙන්ම මෙය විෂ වායුවක් ලෙස හැදින්විය හැකි බව වෛද්‍ය වරයා ඉතාමත් පැහැදිලි ලෙස අර්ථකථනය කරන ලදී.එසේම සාමාන්‍ය වශයෙන් මෙම මාසයේ දක්නට ලැබෙන මිදුම් තත්වයට වඩා වෙනස් අහිතකර ත්ත්වයක් බවට මෙම තත්වය පෙන්වා දිය හැකිබව ඔහු වැඩිදුරටත් පවසන ලදී.
එමෙන්ම කාලගුණ අංශය පවසන පරිදි යම් කිසි ගෝලීය කාලගුණ තත්වයේ සහ සුළං රටාවේ වෙනසක් ඇතිවූ නිසා විෂ අංශු සහ දුම් ලංකාවට පැමිණ ඇති බවත් මෙය තාවකාලික තත්වයක් වන බවත් ඉතා ඉක්මනින් මෙම තත්වය පහව යනු ඇතැයි විශ්වාසයක් ඇති බවත් මෙතුමා මෙහිදී වැඩිදුරටත් සදහන් කළේය.
සාමාන්‍ය වායු දර්ශකය 50 ට අඩු අගයක පැවතීම වායුගෝලීය සුදුසු තත්වය ලෙස සැලකුවද වර්තමාන වායුගෝලීය තත්වය පිළිබඳ සලකා බැලීමේදී සියලු දිස්ත්‍රික්ක වල වායු දර්ශක වල අගය 100 ට වැඩි අගයක පවතී.මෙම තත්වය 150 දක්වා ඉහල ගියහොත් එය වඩාත් බරපතල තත්වයක් වන බවටද ඕනෑම අයකුට තේරුම් යනු ඇත.
මේ පිළිබද අදහස් දක්වමින් වෛද්‍යවරයා සදහන් කළේ ලෝකයම පිළිගන්නා දර්ශක වලට අනුව මෙහිදී අපි බලාපොරොත්තු වන අගය 50 ට වඩා අඩු අතර 150 ට වඩා වැඩිවීම අවධානම් අගයකි.මෙයින් නිරෝගී පුද්ගලයෙකුට පවා වඩාත් අවධානම් තත්වයක් ඇති වන බව වෛද්යවරයාපවසන ලදී.
මේ සියල්ලටම බලපානුයේ කොතරම් දුරට මෙම වාතයට නිරාවරණය වනවාද කොපමන කාලයක් නිරාවරණය වනවාද යන සාධක මතයි.හැකි පමණින් මෙයට නිරාවරණය නොවී මේ තත්වය පහව යන තුරු මෙම පරිසරයට යොමු නොවී මුඛ ආවරණ පැළද මෙයින් ආරක්ෂා වන ලෙස වෛද්‍යවරයා ජනතාවගෙන් ඉල්ලා සිටියේය.හුස්ම ගැනීමේ අපහසුතා හුස්ම ගැනීමේ අපහසුතා හුස්ම ගැනීමේ වේගය වැඩිවීම දැනට තිබෙන නිධන්ගත රෝග උත්සන්න වීම වැනිතත්වයන් ඇති වුවහොත් හැකි ඉක්මනින් වෛද්‍යවරයෙක් වෙත යොමු වන ලෙසත් ජනතාවගෙන් ඉල්ලා සිටින ලදී.මෙම රෝග ලක්ෂණ උත්සන්න වුවහොත් ජිවිත හානි පවා ඇතිවිය හැකි බව වෛද්‍යවරයා අවසන් වරට ප්‍රකාශ කළේය.