වායු දූෂණය හේතුවෙන් පාසල් වැසේ.

මිලියන 30 ක ජනගහනයක් වෙසෙන නවදිල්ලි අගනුවර ලොව වායු දූෂණය වැඩිම නගරය බවට පත් වී ඇත.

වාර්තා වන ආකාරයට වායු දූෂණය තව තවත් උග්‍රවීම හේතුවෙන්, ඉන්දියාවේ නවදිල්ලි අගනුවර පාසල් සතියක් වසා දැමීමට බලධාරීන් මේ වන විට තීරණය කර තිබේ.

හින්දු ආගමික උත්සව හේතුවෙන් ගිනිකෙළි සංදර්ශන පැවැත්වීම, රතිඤ්ඤා දැල්වීම ආදිය ද නවදිල්ලි අගනුවර වායු දූෂණයට හේතුවක් වී තිබේ.

සෑම වසරකම ඔක්තෝබර් සහ නොවැම්බර් මාසවලදී නවදිල්ලි අගනුවර විෂ වායු දුමාරවලින් වැසෙයි. ඊට හේතුව අසල්වැසි ප්‍රාන්තවල ගොවීන් කෘෂිකාර්මික කටයුතු සඳහා විශාල වශයෙන් පිදුරු ගිනි තැබීම ආදිය බව තවදුරටත් වාර්තා වේ.

Exit mobile version