වාරණ තිබුනත් සමගියේ උද්ඝෝෂණයට මහ සෙනගක්!

වාරණ නියෝග කිහිපයක් නිකුත් වී තිබුණද සමගි ජන බලවේගයේ පාක්ෂියන් අද දින උද්ඝෝෂණයට සහභාගී වීම සදහා කොළඹට පැමිණෙමින් සිටිති.

සජිත් ප්‍රේමදාස , රංජිත් මද්දුම බණ්ඩාර, කබීර් හෂීම්, හිරුනිකා ප්‍රේමචන්ද්‍ර, එස් එම් මරික්කාර්, තිස්ස අත්තනායක, කාවින්ද ජයවර්දන, ලක්ෂ්මන් කිරිඇල්ල, සුජීව සේනසිංහ යන මහත්ම මහත්වරුන්ට එරෙහිව කොළඹ කොටුව අධිකරණයෙන් උසාවි නියෝගයක් නිකුත් කර තිබෙන බවයි සඳහන් වන්නනේ.

විරෝධතා රැළියට සහභාගී වන පිරිසට මුදල් අමාත්‍යාංශයට සහ ජනාධිපති ලේකම් කර්යලයට ඇතුළුවීම වළක්වාලමින් කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයෙන් වාරණ නියොගයක් නිකුත් කර තිබෙනවා.

සමගි ජනබලවේගය අද (30)  පස්වරු 1.30 ට කොළඹදී දැවැන්ත ජනරැළියක් පැවැත්වීමට නියමිතයි.

එමෙන්ම පක්ෂයේ සියලු නායකයින් මෙම රැළියට සහභාගී වන බව සමගි ජනබලවේගය සඳහන් කළා.

Exit mobile version