වාරිමාර්ග දෙපාර්තමේන්තුවෙන් අනතුරු ඇඟවීම්

වාරිමාර්ග දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ තවදුරටත් ප්‍රධාන ජලාශ 18ක් වාන් දමමින් පවතින බවයි.

ඒ අනුව ජනතාව මහවැලි ගඟ, මල්වතු ඔය සහ මඩකපුව – මුන්දෙනිආරු ගංඟාව භාවිත කිරීමේ දී වඩා සැලකිලිමත් විය යුතු බව ද එම දෙපාර්තමේන්තුව අවධාරණය කරයි.

එමෙන් ම කවුඩුල්ල ජලාශයේ වාන්දොරටු දෙකක් ද අද (06) පස්වරුවේ විවෘත කිරීමට නියමිත බව ද වාරිමාර්ග දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර ඇත.

Exit mobile version