වාහන ආනයනයට පනවා ඇති තහනම ලිහිල් කිරීමට අවධානය

මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා සඳහන් කර ඇත්තේ මෙරටට විදේශ විනිමය පැමිණෙන ආකාරය මත වාහන ආනයනය සඳහා මේ වන විට පනවා ඇති තහනම ලිහිල් කරනවා ද නැද්ද යන්න පිළිබඳව සලකාබැලිය හැකි බවයි.

ශ්‍රී ලංකාවේ ආනයනය සම්බන්ධයෙන් පනවා ඇති බොහෝ සීමාවන් ඉදිරියේ දී ලිහිල් වනු ඇති බවත් මේ වන විට මෙරට තුළ එන්නත්කරණ කටයුතු සාර්ථක ලෙස සිදුකරන බැවින් සංචාරක ව්‍යාපාරය ද ඉතා ඉක්මනින් ආරම්භ කිරීමට හැකි වනු ඇතැයි ද ඔහු සඳහන් කර ඇත.

මේ පිළිබඳව මහ බැංකු අධිපතිවරයා විසින් සඳහන් කර ඇත්තේ ජාත්‍යන්තර වාණිජ මණ්ඩලය විසින් සංවිධානය කළ සම්මන්ත්‍රණයකදී යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින්ය.

Exit mobile version