වාහන සීසර්ලා චමුදිත ඉදිරියේ නිරුවතින් වෙයි.

ඕනෑම පුද්ගලයෙකු යම් මූල්‍ය ආයතනයකින් ණය මුදලක් හෝ වාහනයක් හෝ වෙනත් සේවයක් ලබා ගන්නේ නම් එය සිදු වන්නේ කුලී සින්නක්කර නීතිය යටතේය. එහිදී සිදුවන්නේ ගිවිසුම් නීතිය යටතේ පාර්ශ්ව කරුවන් අතර ගිවිසුමක් ඇති වීමත්, ගිවිසුම කඩකරන පාර්ශ්වයන්ට විරුද්ධව නඩු පවරා අලාභයන් අයකරගැනීම හෝ ගැටලුව සමතයකට පත්කරගත යුත්තේ එම නඩුව හරහාය.

එසේම වාහනය ලබා ගැනීම සදහා පොලිස් නිලධාරීන් සමග ගොස් අත්පත් කරගත යුත්තේ අදාල වාහනය හිමිකරු අකමැතිනම් හිමිකරු පොලිසියට රැගෙන එන බවද අනාවරණය වන්නේ චමුදිත සමරවික්‍රම මහතා සමග වාහන සීසර්වරුන්ගේ සංගමය නමැති නීත්‍යානුකූල නොවන සංගමයක්  සිදුකරනු ලැබූ සාකච්ඡාවකදීය.  කෙසේ නමුත් ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුව මගින් වාහන උස්සන, මෙරට තුල නීත්‍යානුකූලව පිළිනොගත් සීසර් නමැති කණ්ඩායමක් වෙනුවෙන් ක්ෂණිකව නීතිය ක්‍රියාත්මක කරන බවද මෙහිදී අනාවරණය විය.  

මෙහිදී ඔවුන් සදහන් කරන්නේ ණය වාරික ගෙවන්නන්ගේ සංගමයේ සිටින්නේ හොරුන් බවයි. එසේම ඔවුන් මෙහිදී පෙන්වා දෙන්නේ ශ්‍රී ලංකාවේ සියලුම මූල්‍ය ආයතන ඇතුළු බැංකු ඔවුන් සමග සිටින බවයි. ඉන් ඔවුන් පෙන්වා දෙන්නේ ඔවුන් ඔවුන් වෙනුවෙන් වියදම් කිරීමට මෙම මූල්‍ය ආයතන සිටින බවයි. ඒ අනුව ඉදිරියේදී මූල්‍ය ආයතන , සිසර්ලා මෙන්ම සාමන්‍ය ගනු දෙනුකරුවන් එකට ගැටෙන ආකාරයක් පෙනෙන්නට තිබේ. කෙසේ නමුත් නීත්‍යානුකූල ලෙසම වාහන අත්පත්කරගැනීම සිදුවන්නේ නම් මෙසේ නීතිවිරෝදී සීසර් නමැති කොටසක් ශ්‍රී ලංකාවට අවශ්‍ය නොවේ.

Exit mobile version