වැටුප් ගැන විමසීමේදී ජ.වි.පෙ. පසු බසී.

අද (14) දින අම්බලන්තොට ප්‍රාදේශීය සභාවෙන් ජනතා විමුක්ති පෙරමුණේ  සභිකයින් ගේ වැටුප් සම්බන්ධව ඇතිවූ සංවාදයක් හේතුවෙන් ජනතා විමුක්ති පෙරමුණ සභිකයෝ  සභා ගැබෙන්  පිටව ගිය බව වාර්තා වේ.

එම ප්‍රාදේශීය සභාවේ එක්සත් ජාතික පක්ෂයේ නියෝජනය කරන සභික චන්ද්‍රකුමාර මහතා විසින් ප්‍රාදේශීය සභාවේ සිටින ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරුන් පස් දෙනා සභාවේන් ලබා දෙන දීමනාව ලබා ගත්තාද එසේනම් මේ ලබාගත් මුදල කොපමණද ලබා නොගත්තානම් එසේ සභාවේ ඉතුරු මුදල  කොපමණ තිබේද යන්න ප්‍රශ්නයක් ඉදිරිපත් කළ බවයි.

එම ප්‍රශ්නයට පිළිතුරු ලෙස අම්බලන්තොට ප්‍රාදේශීය සභාවේ  වැඩබලන සභාපති හේමචන්ද්‍ර ඉලේසිංහ මහතා පවසා ඇත්තේ  ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරන මන්ත්‍රීවරුන් පස් දෙනාම   සභාව පැවති සියලු කාලසීමාවේදී අදාල දීමනාව ලබා ගත් බවය.

එම අවස්තාවට පැමිණ සිටි ජ.වි.පෙ. සාමාජිකයන් තිදෙනා සභාවේ ඇති වූ උණුසුම් තත්වය සමග සභා ගැබෙන් පිටව ගොස් ඇති බව වාර්තා වේ. .

Exit mobile version