වැඩබලන පොලිස්පතිකමත් දේශබන්දුට අහිමිව දෙදරීමක් සිදු වේවිද?

ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ ඉතාම විශිෂ්ඨ පොලිස් නිලධාරින් සිටිති. එවැනි විශේෂ නිලධාරීන් 40%ක් වත් පොලිස් දෙපාර්තමේන්තුවේ සිටිය හැකි බවට අපට උපකල්පනය කල හැක්කේ ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ ක්‍රියාවන්, හැසිරීම් පිළිබඳව අප සමීපව විමර්ශනය කරන බැවිනි. ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුව තුල සිටින ඉහලම නියෝජ්‍ය පොලිස්පතිවරු ගණනාවක්ම ඉතාම හොඳ, දැක්මක් ඇති පොලිස් නිලධාරින් වේ. එවැනි හොඳ නිලධාරීන් ගණනාවක්ම සිටියත්, පොලිස්පතිවරයෙක් පත්කිරීම පිළිබඳව තිබෙන්නේ ගැටළු ගණනාවකි. දැනට පත්ව සිටින වැඩබලන පොලිස්පතිවරයාටද චෝදනා රාශියක් තිබේ. වැඩ බලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට ඉහලින් ඔහු සමගම පොලිස් සේවයට බැදුණු පොලිස් නිලධාරින් දෙදෙනෙකු සිටි

ඒ අනුව ජ්‍යෙෂ්ඨතා ලේඛණයට අනුව ඉහලින්ම සිටින්නේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන මහතාය. ඔහු ඉතාම විශිෂ්ඨ, මහත්මා ගුණැති, නීතිගරුක නිලධාරියෙකි. ඔහු එවැනි නිලධාරියෙක් බව , හිරිකිතයයකින් තොරව ලිවීමට සාක්ෂි අප සතුව තිබේ. නමුත් පොලිස් දෙපාර්තමේන්තුවේ පමණක් නොව, සමස්ත ශ්‍රී ලාංකිකයන්ගේම අවාසනාවට ඔහුද පාස්කු ඉරු දින ප්‍රහාරයට පැටලුනේය. නමුත් ඔහු තමන්ගේ රාජකාරිය අකුරටම, නිවැරදිවම කල බවද ලිවීමට හැකි පැහැදිලි සාක්ෂි අප සතුව තිබේ. එසේම ඔහුට එරෙහිව සාපරාධි චෝදනා හෝ විනය චෝදනා එල්ල වී නැත. නමුත් ශ්‍රේෂ්ඨාධිකරණය මගින් විනය ක්‍රියාමාර්ග ගන්නා ලෙස නියෝග කර තිබේ. එසේ නියෝග කලත් විනය බලධාරියගේ පරීක්ෂණය කල යුත්තේ ආයතන සංග්‍රහය, පොලිස් විනය රෙගුලාසිවලට අනුවය. එහිදී සාක්ෂි අනාවරණය නොවන්නේ නම් නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන මහතාට එල්ලව තිබෙන චෝදනා වලින් ඔහුව නිදහස් වන අතර වන්දි ගෙවීම පිළිබඳව තිබෙන නියෝගය සාපරාධි,හෝ ආයතන සංග්‍රහය යටතට ගැනෙන, ඔහුගේ රැකියාවේ ඉහලට යාමට තිබෙන බාධාවන් යටතට නොගැනේ. කෙසේ වුවත් නිලන්ත ජයවර්ධන මහතා හා සම්බන්ධව අදාළ කටයුතු සිදු වුයේද යන්න අපට වාර්තා නොවේ.

ලයිස්තුවේ දෙවෙනියට සිටින්නේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක මහතාය. ඔහුද පොලිස් දෙපාර්තමේන්තුවේ සිටින හොඳ නිලධාරියෙකු ලෙස නමක් දිනාගෙන තිබේ. ඔහුගේ රාජකාරිය තුල යම් වරදක් කර තිබේද යන්න අපට වාර්තා නොවේ. පාස්කු ප්‍රහාරය හා සම්බන්ධ චෝදනා අඩංගුව තිබු පරීක්ෂණයෙන් ඔහුව නිදොස් කොට නිදහස් කර තිබේ. පාස්කු සිද්ධියට අදාලව හෝ වෙනත් සිද්ධීන් මත හෝ ඔහුට එරෙහිව සාපරාධි චෝදනා හෝ වෙනත් නඩුද තිබෙන බවට අපට වාර්තා නොවේ. ඒ අනුව මේ වන විට කිසිදු චෝදනාවක් නොමැති පොලිස් නිලධාරියා බවට  ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක මහතා පත්ව තිබේ.

තෙවෙනියා ලෙස සිටින්නේ වර්තමාන වැඩබලන පොලිස්පතිවරයා ලෙස කටයුතු කරනා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් මහතාය. 2022 මැයි 09 වැනි දිනෙන් පසු ශ්‍රී ලංකා පොලිස් දෙපර්තෙම්න්තුවේ සිටින ප්‍රසිද්ධතම පොලිස් නිලධාරියා ලෙස පත් වන්නේ දේශබන්දු තෙන්නකෝන් මහතාය. නමුත් ඔහු ප්‍රසිද්ධියට පත්වන්නේ කීර්තිමත් නිලධාරියෙකු ලෙස නොවේ. ඔහු ඉහලට ඒමට පෙර ඉතාම හොද පොලිස් නිලධාරියෙකු ලෙස යම් නාමයක් තබාගෙන සිටියේය. නමුත් ඔහු ජ්‍යෙෂ්ඨ තත්වයට පත්වන විට දැඩි ලෙස අපකීර්තියට පත් වුයේය. මේ වන විටත් ඔහුට එරෙහිව චෝදනා රාශියක් තිබේ. පොලිස් හෝ වෙනත් රාජ්‍ය නිලධාරියෙකු තම රාජකාරිය කල යුත්තේ නියමිත නීති රාමුවට අනුව පමණි. කාගේ හෝ දේශපාලන නායකයන්ගේ වුවමනාවන් වලට අනුව කටයුතු කිරීමේ ප්‍රතිපලය ලෙස, ඔවුන්ට උරුම වන්නේ තමන්ට විසඳාගත නොහැකි ප්‍රශ්න පත්‍රයකට තමන්ටම මුහුණ දීමටය. දේශබන්දු තෙන්නකෝන් මහතාට එය තේරුම් ගැනීමට නොහැකි වූ බවත්, ඔහුගේ අරමුණ වුයේ දේශපාලන නායකයන් සමග සමීප වෙමින් තමන්ගේ ඉදිරිය සකසා ගැනීමත් බැව් සියලුම සිද්ධීන් අධ්‍යයනය කිරීමෙන් පෙනෙන්නට තිබේ. යුක්තිය නමැති මෙහෙයම තුලින් ඔහු තව තවත් අපකීර්තියට පත්ව තිබේ. එය රටක් ලෙස අප ලැබූ අභාග්‍යයක් වන්නේ ඔහු මෙරට පොලිස්පති ලෙස වැඩ බැලීමට හෝ පත්කර තිබෙන නිසාය.

එබැවින් නිලන්ත ජයවර්ධන මහතාට පොලිස්පති තනතුර ලබා දිය නොහැකි නම් ලලිත් පතිනායක මහතාට හෝ පොලිස්පති තනතුර ලබා දී පොලිස් දෙපාර්තමේන්තුව කෙලින් කිරීම ආරම්භ විය යුතුය. එසේම දක්ෂතම පොලිස් නිලධාරියෙකු වන නිලන්ත ජයවර්ධන මහතාගෙන්ද ගත යුතු වැඩ කොටස පොලිස් දෙපාර්තමේන්තුවට ලබා ගත යුතුය. පොලිස්පතිවරයෙක් පත් නොකිරීම දේශපාලනික වුවත්, එම ආයතනය අරාජිකත්වයෙන් මුදවා ගැනීමට නම් නිසි ලෙස අණ දෙන්නෙක් සිටිය යුතුය. එබැවින් මෙම දෙදෙනාට ලබා නොදී දේශබන්ධු තෙන්නකෝන් මහතාම පොලිස්පති ලෙස පත් කරන්නේ නම්, එය තවත් භිෂණයක ආරම්භයක් විය හැක්කේ, ඔහුගේ අතීත ක්‍රියාකාරකම් දෙස බැලීමේදීය. ඔහුද හොඳ නායකයෙකි. ඒ නිවැරදි පැත්තට නොවේ. නඩු පිට නඩු වැටෙද්දීත්, ඔහුගේ අල්ලාගෙන සිටීමම හොඳ නායකත්ව ලක්ෂණයක් වුවත්, නීතියට පරිභාහිරව කටයුතු කිරීමෙන් ඔහුගේ ඒ ලක්ෂණය පොලිස් නිලධාරියෙකුට කිසිසේත්ම නොගැලපෙන බවට පැහැදිලිය.

රටට පොලිස්පතිවරයෙක් නමට පමණක් අවශ්‍ය නොවේ. වැටුණු තැනින් එය ගොඩගැනීමට කොන්දක් ඇති පොලිස්පතිවරයෙක්, නායකයෙක් විය හැකි පොලිස්පතිවරයෙක්, විනාශව තිබෙන ස්ථාන හදුනාගෙන ඒවා සංවර්ධනය කල හැකි,  දේශපාලන භූමිකාවන් ඉටුකිරීම වෙනුවෙන් පවා විනාශ කර තිබෙන ස්ථාන හඳුනාගත හැකි , ඒවා නැවත යතා තත්වයට පත්කළ හැකි  පුද්ගලයෙක් අනිවාර්‍යයෙන්ම පොලිස්පති පත් විය යුතුමය. දේශබන්ධු තෙන්නකෝන් මහතාටම නැවතත් පොලිස්පතිකම ලබා දෙන්නේ නම්, ඔහු දේශපාලන එහෙයියෙක් නොවී තම රාජකාරි භූමිකාව නිසි ලෙස ඉටුකළ යුතුමය.   

Exit mobile version