වැඩිකළ සමෘද්ධි දීමනාව අද සිට

රජය විසින් සමෘද්ධි දීමනාව 28%කින් ඉහළ නැංවීමට තීරණය කරන ලද අතර ඒ අනුව එම දීමනාව අද (14) සිට ලබා දීමට නියමිතව ඇත.

ඒ සඳහා අමතර රු.මිලියන 15,000ක් වෙන් කිරීමට රජය මේ වන විටත් කටයුතු කර ඇති බවයි සමෘද්ධි රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා සඳහන් කළේ.

රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කළේ පෙබරවාරි මස සිට සමෘද්ධි දිමනාව ඉහළ දැමීමට පියවර ගෙන ඇති අතර  අද දින සිට සමෘද්ධි බැංකු මඟින් දීමනාවන් ලබාගත හැකි බවත් ය.

Exit mobile version