ඊයේ (29) දින කොවිඩ් මරණ සංඛ්‍යාව 216ක් ලෙස සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා විසින් තහවුරු කර ඇත.
මෙම මරණ 216 ද සමග මෙරට තුළින් වාර්තා වී ඇති සමස්ථ කොවිඩ් මරණ සංඛ්‍යාව 8,991 ක් දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අංශ පවසයි.
මෙම කොවිඩ් මරණ 216න් 101 දෙනෙකු කාන්තාවන් වන අතර සෙසු 115 දෙනා පිරිමි පුද්ගලයින් වේ.
මෙම මියගිය පුද්ගලයින්ගෙන් 41 දෙනෙකු අවුරුදු 30-59ත් අතර පුද්ගලයින් බවයි සෞඛ්‍ය අංශ සඳහන් කළේ.
එමෙන්ම දෛනිකව මෙරට තුළ වාර්තා වූ වැඩිම කොවිඩ් -19 ආසාදිත මරණ සංඛ්‍යාව මෙය වේ.