වැඩිහිටි නිවාස 46 කට කොවිඩ් පැතිරෙයි.

මහනුවර පිහිටි වැඩිහිටි නිවාසයක කොවිඩ් ආසාදනය වී සිටි පුද්ගලයින් තිදෙනෙක් ජීවිතක්ෂයට පත්වී ඇති අතර, මේ වන විට එම වැඩිහිටි නිවාසයෙන් කොවිඩ් අසාදිත පුද්ගලයින් 46 දෙනෙකු ද හඳුනාගෙන ඇත.

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පවසන අන්දමට ඊයේ (15) රාත්‍රියේ අසාදිත පුද්ගලයින් දෙදෙනෙකු මිය ගිය අතර අද (16) අනෙක් පුද්ගලයා මියගොස් ඇත.

මහනුවර මහ නගර සභාවේ සෞඛ්‍ය අංශය සඳහන් කරන ලද්දේ එම වැඩිහිටි නිවාසයේ වැඩිහිටියන් 63 දෙනෙකු නේවාසිකව රැඳී සිටින බවයි.

Exit mobile version