වැඩි මිලට බිත්තර අළෙවි කළ වෙළද හිමියන්ට  එරෙහිව නීතිමය පියවර     

පසුගිය 20 වැනිදා පාරිභෝගික අධිකාරිය බිත්තර සදහා උපරිම සිල්ලර මිලක් නියම කර ගැසට් පත්‍රයක් නියම කරන ලදී. එම ගැසට්ටුවේ පරිදි සුදු බිත්තර සදහා රුපියල් 44ක උපරිම සිල්ලර මිලක් සහ රතු බිත්තර සදහා රුපියල් 46ක උපරිම සිල්ලර මිලක් නියම කරන ලදී.

නමුත් පැනවූ මිල ගණන් වලට වඩා මිල ගණන් වලට බිත්තර අලෙවි කළ වෙළදසැල්  වටලා එම වෙළද හිමියන්ට එරෙහිව අද  (22) නීතිමය පියවර ගත් බව සදහන් කරයි.

වැඩි මිලට බිත්තර අළෙවි කරන සාමන්‍ය වෙළදසැලක් සදහා දඩ මුදල රුපියල් ලක්ෂයේ සිට ලක්ෂ 5 දක්වාද  ලියාපදිංචි වෙළදසැල් සදහා දඩ මුදල  ලක්ෂ 10 සිට ලක්ෂ 50 දක්වාද වන බව පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරියේ සභාපති සදහන් කරන ලදී.

Exit mobile version