උපරිම සිල්ලර මිලට භාණ්ඩ විකිණීම උල්ලංඝනය කරනු ලබන වෙළඳුන්ට පනවා තිබූ රු.2500ක දඩ මුදල, කැබිනට් මණ්ඩලය විසින් ගන්නා ලද තීරණයකට අනුව රුපියල් ලක්ෂයක් දක්වා ඉහළ දමා ඇත.
ඒ අනුව අදාළ තීරණය ගැසට් නිවේදනයක් මගින් 2021.08.10 එනම් අද දින ප්‍රකාශයට පත්කිරීමට නියමිත බව වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කර ඇත.
“භාණ්ඩයක් රජය විසින් නියම කරන මිලට වඩා වැඩි මිලට අලෙවි කලොත් මෙතෙක් පැවති රු.2500 ක් වූ දඩය රු.100,000 දක්වා, අවම දඩය රු.3900 කට වඩා වැඩි ප්‍රමාණයකින් දඩය වැඩි කිරීමේ ෙඵතිහාසික තීන්දුව ගත්තා.සහල් වෙළඳපළ මාෆියාවේ ඇතැම් පාර්ශවයන් රට පුරා ප්‍රචාරය කර සිටියා, මොනම හේතුවක් නිසාවත් මේ දඩයට බිය වෙන්න එපා. මේ රු.2500 දඩය වෙනස් කරන්න අපි ඉඩදෙන්නේ නෑ. අපි ආණ්ඩුව සමඟ නියම් හෝ අනියම් ආකාරයකට සම්බන්ධතා පවත්වාගෙන යමින් මේ දඩය වැඩි කරන්න දෙන්නේ නැතුව, වෙළඳපොලේ සහල් මිල ඉහළ නැංවීමේ වැඩපිළිවෙල මේ කන්නයේ ක්‍රියාත්මක කරන්න තමයි අපි අපේක්ෂා කරේ.අපිට පුළුවන්කම ලැබෙනවා මේ තීන්දුව ගැසට් නිවේදනයක් බවට පත්කරලා ගැසට් කරන්න.”
මේ අතර පෞද්ගලික ගෑස් සමාගම් විසින් ඔවුන්ගේ සැපයුම් ක්‍රියාවලිය අක්‍රමවත් කර ඇති අතර මේ සම්බන්ධයෙන් පියවර ගැනීමට නීතිපතිවරයාගේ උපදෙස් ලබා ගැනීමට තීරණය කළ බව පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා ප්‍රකාශ කරයි.
ඒ අනුව රාජ්‍ය අමාත්‍යවරයා පවසා සිටියේ ගෑස් මිල ඉහළ නැංවීම සඳහා සමාගම් වෙත අවසර නොදීම හේතුකොටගෙන ගෑස් සමාගම් විසින් ගෑස් ආනයනය සීමාකිරීම හේතුවෙන් මෙම අර්බුදකාරී තත්ත්වය නිර්මාණය වී ඇති බවය.