වැඩි වැටුප් ඉල්ලා වැඩ වර්ජනයක්.

එංගලන්තයේ සහ වේල්සයේ ගුරු වෘත්තිකයන් ලක්ෂ 3ක් පමණ වැටුප් වැඩි කරන ලෙස ඉල්ලා දැවැන්ත වැඩ වර්ජනයක නිරත වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.එම වැඩ වර්ජනයට රජයේ ආයතන 120ක සිවිල් සේවකයන් , විශ්ව විද්‍යාල 150 ක ආචාර්යවරුන් , දුම්රිය සහ බස් රථ රියදුරන් විශාල ප්‍රමාණයක් එක්ව මෙම දැවැන්ත වැඩ වර්ජනය සිදු කර ඇත . මෙම වැඩ වර්ජනය හේතුවෙන් එරට පාසල් කිහිපයක කටයුතු අඩාල වී තිබුණු  බවත් පාසල් 5ක් වසා දැමීමට සිදු වූ බවත් විදෙස්  මාධ්‍ය වැඩි දුරටත් වාර්තා කරයි.

දශක ගණනාවකින් පසු බ්‍රිතාන්‍ය තුළ ක්‍රියාත්මක වූ දැවැන්තම  වැඩවර්ජනය මෙය බව වාර්තා වේ.

Exit mobile version