වැරදි කරන රාජ්‍ය නිලධාරීන්ට එරෙහිව කෙරෙන මෙහෙයුම් සාර්ථකයි – ශ්‍රී රාවණා ලංකා ජාතික සංවිධානය කියයි.

කුමන රජයක් පැවතියත් රජයන් පවත්වාගෙන යාමට නොහැක්කේ වැඩ නොකරන සහ ආණ්ඩු පෙරලීමට බලා සිටින සහ වංචනික සහ දූෂිත රාජ්‍ය නිලදාරීන් නිසා බවද එසේ අක්‍රමිකතා කරන නිලදාරීන්ගේ වැරදි සෙවීමත් ඔවුන්ට විරුද්ධව නීත්‍යානුකූල ව සිදු කරන කටයුතු අති සාර්ථක බවද ශ්‍රී රාවණා ලංකා ජාතික සංවිධානය පවසයි.

එහි මාධ්‍ය ප්‍රකාශක හිමාල් ඒකනායක මහතා අද (17) දිගාමඩුල්ලේ පැවති දිගාමඩුලු දිස්ත්‍රික් මෙහෙයුම් කාර්යාලය විවෘත කරමින් එහි රැස්ව සිටි සංවිධානයේ සාමාජික සාමාජිකාවන් අමතමින් මේ බව ප්‍රකාශ කර තිබේ.

පැරණි වෙහෙර විහාර මෙන්ම දේවාලද, ශ්‍රී ලාංකීය සියලු පුරවැසියනට අයත් ඔවුන්ගේ සංස්කෘතීන් සහ ආගමික සහ ජාතික අනන්‍යතාවයන් සුරකිමින් එකම ශ්‍රී ලාංකික පුරවැසියන් කොටසක් ලෙස ඉදිරියට යාමටත් , ඒවාට හානි සිදුකරන පුද්ගලයන්ගේ තරාතිරම නොබලා ඔවුන්ට විරුද්දව නීතියට අනුව පමණක් කටයුතු කිරීම සංවිධානයේ අරමුණ බවද වැඩි දුරටත් සදහන් කර තිබේ.

මාස කිහිපයක් තුල සිදු කර තිබෙන වැඩ කටයුතු සියල්ලම සාර්ථක බවද මේ වන විට එක්තරා ප්‍රදේශයක ජනතාව අධ්‍යක්ෂක ජනරාල්වරයෙකුට විරුද්දව අත්සන් තුන් දහසකට වඩා වැඩි පෙත්සමක් පවා අත්සන් කරමින් තිබෙන බවද, තවත් ප්‍රදේශයක දිස්ත්‍රික් ලේකම්වරයෙකුට සහ ප්‍රාදේශීය ලේඛම් වරයෙකුට විරුද්දව අත්සන් දස දහසකින් යුත් පෙත්සමක්ද අත්සන් කරමින් තිබෙන බව සදහන් කල ඒ මහතා ඒ පිළිබවද වැඩි විස්තර තව දින කිහිපයකින් දැන ගැනීමට හැකි වනු ඇති බවද සදහන් කරන ලදී.

Exit mobile version