පාසල් සිසුවෙකුට වෙඩිවැදීමේ සිද්ධියක් සමග මාතර තිහගොඩ පොලිස් ස්ථානය උණුසුම් වෙයි.
තිහගොඩ පොලිස් වසමේ මිදෙල්ලවල කටුවනතුඩුව ප්රදේශයේදි පොලිස් අන නොතකා ධාවනය වූ තීරෝද රථයක් අත්අඩංගුවට ගැනීමට යාමේදී පොලිස් නිලධාරියෙකු සතු පිස්තෝල ගිනි අවියක් ක්රියාත්මක වීමෙන් වයස 14 තරුණයකුගේ හිසට බරපතළ තුවාල සිදුව ඇත.
තුවාල ලැබූ තරුණයා මාතර මහ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්රතිකාර සඳහා ගාල්ල කරාපිටිය රෝහල වෙත මාරුකර යවා ඇතැයි මේ වන විට වාර්තා වී ඇත.
පි.බි හරේෂ් හංසක දේශාන් නැමැති ගොඩුගෙවත්ත,නායිම්බල,තිහගොඩ ප්රදේශයේ පදිංචි වයස අවු 14ක් වන සිසුවෙක් මෙසේ තුවාල ලබා රෝහල් ගතකර ඇත.
මේ වනවිට කරාපිටිය රෝහලේ දැඩි සත්තාකාර ඒකකයේ අදාළ සිසුවා ප්රතිකාර ලබමින් සිටින බව වාර්තා වී ඇත.
එම සිද්ධියත් සමග ගම්වාසීන් තිහගොඩ පොලීසිය අසලට රැස්වී ඇති අතර එම ස්ථානයේ උණුසුම් තත්ත්වයක් ද හටගෙන තිබේ.
තත්ත්වය පාලනය කිරීම සඳහා අවට පොලිස් ස්ථානවලින් නිලධාරීන් කැඳවා ඇති බවද සඳහන් වන අතර එහිදී කඹුරුපිටිය පොලීසියේ ජීප් රථයකට පහරදීමක් ද සිදුවී ඇති බව සඳහන් වේ.
මේ අතර සිද්ධිය සම්බන්ධයෙන් උප පොලිස් පරීක්ෂකවරයෙකුගේ වැඩ තහනම් කර ඔහුව අත්අඩංගුවට ගැනීමට කටයුතු කර ඇති බවද වාර්තා වෙයි.
මේ අතර සිද්ධියට මුහුණ දුන් සිසුවෙක් සදහන් කර ඇත්තේ පොලිස් නිලධාරීන් විසින් ත්රීරෝද රථය නවතන ලෙස අණ නොකළ බවයි.