උතුරේ ගවයින් ප්‍රවාහනය අත්හිටුවයි.

උතුරු පළාතේ ගවයින් අතර ව්‍යාප්ත වන වසූරිය වෛරස් කාණ්ඩයට අයත් වෛරසයකින් ව්‍යාප්ත වන වෛරස් රෝගය පාලනය සදහා උතුරු පළාතේ දිස්ත්‍රික්ක අතර ගවයින් ප්‍රවාහනය සදහා සෞඛ්‍ය සහතික නිකුත් කිරීම අත්හිටුවා ඇති බව වාර්තා වේ.

මෙම වෛරසයට ගොදුරු වූ ගවයින් 25 කට අධික සංඛ්‍යාවක් මේ වන විට මිය ගොස් ඇති බව සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය හේමාලි කොතලාවල මහත්මිය ප්‍රකාශ කළ බව වාර්තා වේ.

Exit mobile version