වැල්ලවත්ත මුහුදු වෙරළට මළ සිරුරක් ගොඩ ගසයි

අද (05) උදෑසන වැල්ලවත්ත පොලීසියට දුරකථනයෙන් අමතා අදාළ මළ සිරුර සම්බන්ධයෙන් ප්‍රදේශවාසීන් විසින් තොරතුරු ලබා දී තිබිණි.

වාර්තා වන ආකාරයට සැකකටයුතු ලෙස මිය ගිය තරුණයෙකුගේ මළ සිරුරක් වැල්ලවත්ත මුහුදු තීරයට ගොඩ ගසා තිබී ඇති අතර එම සිරුර සම්බන්ධයෙන් වැඩි දුර පරීක්ෂණ වැල්ලවත්ත පොලීසිය ආරම්භ කර තිබේ.

මිය ගිය තැනැත්තා 28 හැවිරිදි යාපනයේ පදිංචිව සිටි සර්වානන්දා තිරුසාන්ත් නැමැත්තෙක් බවට අනාවරණය වී තිබේ.

මිය ගිය තැනැත්තාගේ ශරීරයේ රතු පැහැති තැළුම් සලකුණු දක්නට ලැබෙන බවත් ඒ සම්බන්ධයෙන් මහෙස්ත්‍රාත් පරීක්ෂණය සිදු කිරීමට නියමිත බවත් පොලිසිය වැඩිදුරටත් සඳහන් කර තිබේ.

Exit mobile version