වැලිකඩ බන්ධනාගාරයේ අපයෝජනයක්.

වැලිකඩ බන්ධනාගාරයේ ඊයේ (24) දහවල් එක් රැදවියෙකු විසින් තවත් රැදවියක්ව අපයෝජනය කර ඇති පුවතක් වාර්තා වේ.

මෙම අපයෝජනය සිදු වී ඇත්තේ 29 හැවිරිදි රැදවියකට වන අතර ඔහු දූෂණ චෝදනාවකට වසර 6ක් සිර දඩුවම් නියම වූ රැදවියක් බව වාර්තා වේ. අපයෝජනය සිදු කර ඇත්තේ 52 හැවිරිදි රැදවියක් වන අතර ඔහු පුද්ගල ඝාතන සිද්ධියකට මරණ දඩුවම් නියම වූ අයෙක් බව වාර්තා කරයි.

29 හැවිරිදි රැදවියා තම ශරීර කෘත්‍යක් සදහා වැසිකිළියට ගිය අවස්ථාවේදී 52 හැවිරිදි රැදවියා බලෙන් කඩා වැද 29 හැවිරිදි රැදවියාට ලිංගික අපයෝජනය කර ඇති බව වාර්තා කරයි . මෙම සිද්ධිය 45 හැවිරිදි රැදවියකු ඇසින් දුටු බව සදහන් කරයි .

මේ වන විට මෙම තිදෙනාගෙන්ම බොරැල්ල පොලීසිය ප්‍රකාශ ලබා ගෙන ඇති අතර සිද්ධිය පිලිබද වැඩි දුර විමර්ශන සිදු කිරීමට නියමිත බව කියයි.

Exit mobile version