වැලිගෙපොල ග්‍රාම නිලධාරිනියක් සහ සංවර්ධන නිලධාරිනියක් විදේශ  ආධාර යටි මඩි ගහයි.

ශ්‍රී ලංකාව යනු පුණ්‍ය භූමියකි. එම පුණ්‍ය බුමියේ වැසියන්ට කුමන උවදුරු පැමිණියත් ඔවුන්ගේ කුස ගින්න කෙසේ හෝ නිවාගැනීමට අවශ්‍ය පුණ්‍ය මහිමය තිබේ. ශ්‍රී ලංකාව නාස්තිකලේ දේශපාලනය කරන රාජ්‍ය නිලධාරීන් බව නොරහසකි. එහෙත් ඔවුන් තවමත් පාඩම් ඉගෙන ගෙන නැත.

එම පුණ්‍ය මහිමය නිසාම මේ වන විටත් ලෝකයේ නං දෙසින් අහාර සහ අවශ්‍ය වෛද්‍ය උපකරණ ඇතුළු අත්‍යාවශ්‍ය සේවාවන් ලැබෙමින් තිබේ. එසේ ලැබුණු සහල් මේ වන විටත් දිවයින පුරා බෙදා හැරීම සිදුකරන්නේ ප්‍රාදේශීය ලේඛම්වරුන්ගේ අධීක්ෂණය යටතේය.  මේ කතාව අපට  වාර්තා වන්නේ රත්නපුර  දිස්ත්‍රික්කයේ වැලිගෙපොල ප්‍රාදේශීය ලේඛම් කොඨිඨාශයේ පුස්සතොට ග්‍රාම නිලධාරි වසමෙනි.

අද (07) එසේ ලැබුණු සහල් සහනාධාරය මෙම වසමේ පුද්ගලයන් සදහා බෙදා දීම සිදුකර තිබේ. එසේ බෙදා දීම සිදුකර ඇත්තේ එම වසමේ ග්‍රාම නිලධාරිනිය සහ ආර්ථික සංවර්ධන නිලධාරිනිය විසිනි. එසේ බෙදා හැරීමේදී අක්‍රමිකතා ගනනාවක්ම සිදුව තිබේ. එසේම එහි ගිය ජනතාව බොහෝ දෙනෙකු රස්තියාදු කර තිබේ. අප සොයා බලු ආකාරයට එම ග්‍රාම සේවා වසම සදහාද ආකාර තුනකින් ප්‍රමුකතා ලැයිස්තු සකසා තිබේ. එයින් ඉහලින්ම තිබී ඇත්තේ දැනට සමුර්දිය ලබන වැසියන්ය. නමුත් එසේ සමුර්ධිය ලබන වැසියන් ගනනාවක්ම ඒවා ලබාගෙන ඇත්තේ වරින් වර ගොස් ඉල්ලීමෙන් පසුවය. එසේම ගුවන් හමුදාවෙන් විශ්‍රාම ගොස් මේ වන විට පොදුරාජ්‍ය මණ්ඩලයේ  තරුණ සහ ප්‍රජා සංවර්ධනය පිලිබදව කටයුතු කරන පුද්ගලයෙකුගේ දෙමාපියන්ටද එම සහනාධාරය ලැබි නැත.  එම නිලධාරියා විවාහකව වෙනම පවුලක ජීවත් වන නමුත් ඔහුගේ පදිංචිය තිබෙන්නේ එම නිවසට බැවින් එය ලබා දිය නොහැකි බව පවසමින් එම 70 හැවිරිදි පුද්ගලයා තුන් වරක්ම ආපසු යවා තිබේ. එම වැඩිහිටි පුරවැසියාද ද සමුර්ධි ලාභීයෙකි. අප මෙම ලිපිය සකසන මේ වෙලාව (20.00) වන විටත් එය ඔවුන්ට ලබා දී නැත.

අප මේ පිලිබදව තව දුරටත් සොයා බැලීමේදී විශ්‍රාමික හමුදා නිලධාරියාගේ නම චන්ද හිමි නාමලේකනයේ තිබෙන නිසා සමුර්ධි නාම ලේඛනයෙන් එම පියාගේ නම ඉවත් කිරීමට කාටයුතු කරන බවද ග්‍රාම නිලධාරිනිය ප්‍රකාශ කර තිබේ. එසේම එම වසමේ සමුර්ධි ලාබීන් විශාල ප්‍රමාණයකට අද ලබා දුන් සහනයන් ලබා දී නැතිබවද වාර්තා වේ.

මෙම ආර්ථික සංවර්ධන නිලධාරිනිය මීට පෙර අවස්ථාවකදී මෙම ගමේම ඉඩමකින් කොටසක් බලහත්කාරයෙන් මාර්ගයක් පුළුල් කිරීමට ලබා ගැනීමක් පිලිබදව අධිකරණයේ පවතින අපරාධ නඩුවකට ඇතුලත් කිරීමට යෝජිත තැනැත්තියකි. එම නඩුවේ පැමිණිලිකරුට චුදිත රාජ්‍ය නිලධාරීන්ගෙන් පෞද්ගලික කරදරයක් සිදුව තිබෙන බව ඇඹිලිපිටිය මාහධිකරණය මගින් පිළිගෙන තිබේ. නමුත් එහි වෙනත් තාක්ෂණික දෝෂයන් හේතුවෙන් එය අභියාචනාධිකරණය වෙත යොමු කර මේ වන විට විභාග වෙමින් පවතී.  

එසේම මෙම ග්‍රාම සේවා වසමේ ජන ජීවිතය නගා සිටුවීම සදහා ආර්ථික සංවර්ධන නිලධාරිනිය හරහා සිදුවන විවිධ සහන ලබා දීමේ කටයුතුවලදී ඒවා ලබා දෙන්නේ එම නිලධාරිනියගේ හිතවත් අයට පමණක් බවටද අප වෙත තොරතුරු ලබා තිබේ. තමන් උපන් ගමේම සේවයාට යෙදවීමෙන් මෙවැනි අක්‍රමිකතා ඕනා තරම් සිදුවේ.  

රත්නපුර දිස්ත්‍රික් ලේඛම්තුමියනි, වැලිගෙපොල ප්‍රාදේශීය ලේකම් තුමනි. මෙවන් නිලධාරීන් තව දුරටත් රාජ්‍ය සේවයට අවශ්‍ය වන්නේද?. රාජ්‍ය සේවය වැනසී ඇත්තේ මෙවැනි අය නිසා නොවේද?. රටේ ජනතාව කුසගින්නේ පීඩා විදිමින් සිටියදී ඔවුන්ගේ බත් පතට පයින් ගසනා මෙම ග්‍රාම නිලධාරිනියට සහ ආර්ථික සංවර්ධන නිලධාරිනියගේ වැඩ තහනම් කර, අද සිදු වූ සිදුවීම පිලිබදව විගණනයක් සිදුකරන ලෙසද, ආයතන සංග්‍රහය යටතේ විධිමත් විනය පරීක්ෂණයක් සිදුකර අනෙකුත් රාජ්‍ය නිලධාරීන්ට පූර්වාදර්ශයක් වන ලෙස කටයුතු කිරීමට අවධානය යොමු කරවමු. එසේම ආර්ථික සංවර්ධන නිලධාරිනිය යටතේ සිදුව ඇති වෙනත් කටයුතු සිදු වුයේ කෙසෙඅ යන්නද යන්නද සොයා බලා ගම වාසීන්ගේ තොරතුරු මත කටයුතු කිරීමට අවධානය යොමුකරන ලෙසද අප පිළිගත් මාධ්‍ය ආයතනයක් ලෙස දිගින් දිගටම මේ පිලිබදව අවධානයෙන් පසුවන බවද  අවධානයට යොමු කරමු.

වරදක් කලේ නම් එයට දඩුවම්ද තිබේ. ජනතාව යනු මි හරක් නොවේ. වෙස් මුහුණු බැන්දත් ඔවුන් නටන්නේ එලිපිටය.

Exit mobile version