වැලිගෙපොල ප්‍රාදේශීය ලේකම් රජය විකුණති. මර නින්දේ වන නිදි කරති …?

වැලිගෙපොල ප්‍රාදේශීය ලේකම් රජය විකුණති. මර නින්දේ වන නිදි කරති …?

වැලිගෙපොල ප්‍රාදේශීය ලේඛම්ට අයත් මඩවල ලන්ද ග්‍රාම සේවා කොඨිඨාශයේ මේ දිනවල ලහි ලහියේ මොබිටෙල් සමාගමට අයත් සන්නිවේදන කුළුණක් ඉදි වෙමින් පවතී. මෙම කුළුන ඉදිවෙන්නේ රජයට අයත් ඉඩමක බව බොහෝ දෙනෙකු විශ්වාස කලද එය ඉදිවන්නේ පුද්ගලික ඉඩමක බව රාවණ ගවේෂකයෝ මේ වන විට සොයාගෙන තිබේ. එසේම මෙම පුද්ගලික ඉඩමේ හිමි කරු ඊට ආසන්නයේ ඇති රක්ෂිත ඉඩම හරහා මහා මාර්ගයක් ඉදි කර තිබේ. එහි රක්ෂිතයට අයත් ගස් කපා දමා ඇති බවද ඉතාම හොර රහසේ එය සිදු කර තිබෙන නමුත් එහි ග්‍රාම සේවකද දැනුවත්ව සිදුව ඇති බව සොයාගෙන ඇති අතර ඔවුන් පවසන ආකාරයට එම ඉඩම ඉතාලි වත්ත ලෙස හදුන්වන බවද කියවේ.

එසේම තතු දත් අය එම ඉඩම හිමිකරුගෙන්, මෙම සන්නිවේදන කුලුනට විදුලිය ලබා ගන්නේ කෙසේද යන්න ප්‍රශ්න කල විට ඒ සදහා වැලිගෙපොල ප්‍රාදේශීය ලේඛම් එහි ඇති රක්ෂිත කැලය හරහා විදුලිය ලබා ගැනීමට අවසර දී ඇති බවත් එය රජයේ කටයුත්තක් බවද පවසා තිබේ. ඔහු ලබා දුන්නේ ඉඩම පමණක් බවද, ඉඩම සදහා මසකට රුපියල් 20000.00 ක මුදලක් කුලිය ලෙස තමන්ට මොබිටෙල් සමාගමෙන් ලැබෙන බවද ප්‍රකාශ කල බවද එම සංවාදය තුල ගැබ්ව  තිබේ. තවද මඩවලලන්ද  ග්‍රාමසේවක මහතාද, ප්‍රාදේශීය සභාවේ නිලධාරීන් සහ ප්‍රාදේශීය ලේකම්ද තමන් සමග බොහෝ හිතවත් බවද ඔහු ප්‍රකාශ කරති. තමන්ගේ ඉඩම හරහා මෙම කුළුන ඉදිවන ස්ථානයට මාර්ගයක් තිබියදී රක්ෂිතය හරහා එය සිදු කර එහි ඇති වනය විනාශ කිරීම පිටුපස වෙනත් හස්තයක් ක්‍රියාත්මක වනවාද විය හැකිය.

අවට ගම්වාසීන් ප්‍රකාශ කරන්නේ, ඉඩම කුලියට දුන්නා නම් තමන්ගේ ඉඩමෙන්ම විදුලිය සදහා අවශ්‍ය පහසුකම් ලබා දීමට හැකියාව තිබියදී, වැලිගෙපොල ප්‍රාදේශීය ලේකම් පරිසරය විනාශ කරමින්  මෙසේ රජයට අයත් දේපල විනාශ කිරීමට අවසර දීම විමතියට කරුණක් බවය. මේ විදුලිය ලබා ගැනීම සදහා ඉඩම කුලියට ලබා දුන් පුද්ගලයාගේ ඉඩම හරහාම විදුලිය ලබා දුන්නේ නම් මේ විනාශය සිදු නොවන බවද ඔවුන් පෙන්වා දෙති. එසේම සත්‍ය ලෙසම මෙසේ සිදු වන්නේ නම් එය අති ගරු ජනාධිපතිතුමා ප්‍රමුඛ  රජය අපකීර්තියට පත්වන කරුණකි.   

රක්ෂිත වනයක් විනාශ කරමින් , එක් පුද්ගලයෙකුගේ වසියට මාසික කුලියක් ලබා දීම වෙනුවට එය වෙනත් රජයට අයත් ඉඩමක ඉදි කලේ නම් එහි ආදායම ලැබෙන්නේද රජයටම වන අතර මේ ඉඩම් වලටද හොර ඔප්පු සාදා ඇති බවද මහජනතාව කියයි.

වැලිගෙපොල ප්‍රාදේශීය ලේකම්තුමනි.  මේ කාරනාව සත්‍යක්ද?. මේ පිලිබදව ඔබතුමා යමක් ප්‍රකාශ කරන්නේ නම් එයද මෙහි පලකිරීමටත් වෙනත් වෙබ් අඩවි හරහා ප්‍රචාරය කර දීමටත්  අප සූදානම් . ravanalankanews.lk @gmail.com වෙත  ඔබේ පණිවිඩය යොමු කරන්න. එසේත් නොමැති නම් පහත ලිපිනයට යොමු කරන්න. HEADQUARTERS , Sortedam Dossering 55, Copenhagen, Denmark.

Exit mobile version