වැලිගෙපොල හටංගල මාර්ගයේ ඉදිකිරීම් නියමිත තත්වයෙන් නොමැති නිසා ජනතාව මැසිවිලි නගති.

රත්නපුර දිස්ත්‍රික්කයේ වැලිගෙපොල ප්‍රාදේශීය ලේකම් කොඨිඨාශයට අයත් , වැලිගෙපොල සිට හටංගල දක්වා ඉදිවෙන මාර්ගය නිසි ප්‍රමිතියෙන් තොර බව  ප්‍රදේශ වාසීන් මැසිවිලි නගති. වැලිගෙපොල කලාපේ අපි , මුහුණු පොතේ , සුනිල් කුමාර නමැති පුද්ගලයෙකු සටහනක් තබමින් මේ පිලිබදව දීර්ග විස්තරයක්  ඉදිරිපත් කර ඇත. ඉදිරිපත් කර ඇති ජායාරූපවලට අනුව මහා පරිමාණයෙන් මුදල් වංචා කිරීමේ අරමුනින් මෙම ඉදිකිරීම ප්‍රාථමික මට්ටමින් ඉදිකරන බව පැහැදිලිය. ජනතාව ප්‍රකාශ කරන අන්දමට, නුදුරේදීම මහජන විරෝදතාවක් ඉදිරිපත් වීමට නියමිත අතර, දිස්ත්‍රික්කය තුල අදාළ බලධාරීන් මේ ගැන දැනුවත් වුවද, ඔවුන් මුනිවත රකින බව සදහන්ය.

කෙසේ වුවද, දසක ගණනාවකින් නඩත්තු නොවුණු මෙම මාර්ග ඉදිකර, අවුරුද්දක් යන්නටත් මත්තෙන් නැවත විනාශ වන්නේ නම්, එහි බර ජනතාව වෙතටම පැවරේ. ජනතාව අහාරයට ගන්නා සීනි ඇටේ පවා මිල වැඩි වී ජනතාවට ජීවන බරෙහි පීඩා විදීමට සිදු වෙයි. මෙවැනි දූෂණ, වංචා දිගින් දිගටම සිදු වීම , ශ්‍රී ලංකාව දිගින් දිගටම දාරිද්‍ර වීමට හේතුව වන අතර, මෙසේ නිසි ප්‍රමිතියෙන් තොර ඉදි කිරීම් කිරීමට ඉඩ දීම පිලිබදව වග කිව යුත්තේ , මේ වෙනුවෙන් ගෙවීම් අනුමත කරන පළාත් සහ මධ්‍යම රජයේ සැලසුම් අධ්‍යක්ෂක වරුන් සහ තාෂණික නිලධාරීන්ය. මෙම ඉදිකිරීමට අදාළ මුදල් ගෙවන්නේ කෙසේද.? රාවණා ලංකා මාධ්‍ය ජාලය මේ දූෂිත ඉදිකිරීම සදහා මුදල් ගෙවීමට කටයුතු කරන රාජ්‍ය නිලධාරීන් දෙස බලා සිටිමි. නිසි ප්‍රමිතියෙන් ඉදි නොකර,  මුදල් ගෙවීමක් සිදු වුවහොත් , එයට වග කිව යුතු නිලධාරීන්   අනාවරණය  කිරීමට සහ වංචා විමර්ශන කොමිසම වෙත පැමිණිලි කර අවශ්‍ය ලෙස නීතිය ක්‍රියාත්මක කිරීමටද අප සූදානමින් සිටිමු. 

සියල්ලම වාරණයෙන් තොරව අනාවරණය කරන්නට අප සූදානම්.  වංචා , දූෂණ , අයුක්ති සහගත අසාධාරණ දේ සිදු වන්නේ නම් අපට කියන්න. අප එහි අවසානය දක්වාම පෙනී සිටිමු.

මෙහි පහත දැක්වෙන්නේ මුහුණු පොතේ තිබෙන සටහනය.

වැලිගෙපොල කොට්ටිඹුල්වල හරහා හටංගල මාර්ගයේ .. කාපට් යැයි “හදවන උන්”කියන මාර්ගයේ.. තවත් ප්රෝඩාවක්…

වැලිගෙපොල කොට්ටිඹුල්වල හරහා හටංගල මාර්ගයේ .. කාපට් යැයි “හදවන උන්”කියන මාර්ගයේ.. තවත් ප්‍රෝඩාවක්…

වැලිගෙපොල කොට්ටිඹුල්වල හරහා හටංගල මාර්ගයේ .. කාපට් යැයි “හදවන උන්”කියන මාර්ගයේ.. තවත් ප්‍රෝඩාවක්…

.. මේ දක්වා ඇති ස්ථානය ජලවහනය නිසා පාර නිරන්තරයෙන් ගිලාබසින.. කැඩීයන ස්‍ථානයකි.. දැන් කාපට් දමා අවසන්වී ඇත.. තිබුනු කාණුව කෙලවරට පමණක් කොන්ක්‍රීට් කාණුවක් දමා ඇත.. (එයද තවම අවසන් කොට නැත) වතුර පිරී මඩ වගුරක්ව පැවති කාණුවේ ඉතුරු වී කොන්ක්‍රීට් දැමියයුතුව තිබූ අත්‍යාවශ්‍යම කොටස එහෙමමය.. (කොන්ක්‍රීට් කාණු දැමූ කොටසට යාබදව අඩි 10/12 කොටසක කම්බි දිරාපත්වෙමින් ඇත. ඒ කොටසටවත් කොන්ක්‍රීට් දමන්නේ නැතිලු..).

මෙම මාර්ගයේ සිදුවන; සාමාන්‍ය මිනිහාගේ ඇහැට පේන වැරදි ; කිවයුතුයැයි හැඟුණු දේ අදාල බලධාරීටද නිලධාරින්ටද. පෞද්ගලිකව මමද මතක්කලෙමි.. බීරිඅලින්ට වීණා වැයුවාසේය…

හොඳම කතාව ඒක නොවේ.. මුලින් ප්‍රකාශ කල පරිදි මෙම මාර්ගයේ කාණුවක් අත්‍යාවශයම කොටසක් වන.. නිකවතුගොඩ හන්දියේ සිට පිටකන්දට හැරෙන පරණ මාර්ගය ළඟ ඇති බෝක්කුව තෙක් ඇති කොටසට ඔන්න අලුත් ක්‍රමවේදයකට අනුව පාර දෙපස සකස් කරන්නට අදාල බලධාරීන් කටයුතු කරන්නට පටන් ගෙන ඇත… මුලින් කී පරිදි මේ කොටසේ කාණුවේ දැනටත් මඩවලින් පිරී ඇත.. දෙපස තිබූ අලිමානාගස් වල්නාශක යොදා මැරී ඇති අවස්ථාවේ….

ඔන්න බැකෝ යන්ත්‍රයකින් අර අලිමානා හඩුව අර මඩ ගොඩ උඩම චප්පකර ඊට උඩින් මැටල්ගල් හීනිතට්ටුවක් තුනී කර ඊටත් උඩින් පස් දමා යන්ත්‍රාණුසාරයෙන් තලා පාර දෙපස පලල්වී ඇතිබව මවාපෙන්නන මැජික් එකක් පෙන්නනට සූදානම්වී ඇත… හෙට වෙනකොට පාර පලල්ය.. ගමේ අපිට හෙන චූන්ය.. ඇයි බොලේ කවදා දැක්ක කාපට්ද… ඊළඟ වැස්සේදී චූන් එක බැස්සාට අවුලක් ඇත්තේම නැත.. මක්නිසාද යත් අපිට එතකොට ඔව්වා අමතකය… පාර කැඩුණුදාක එක එක දේශපාලන පසික්කාටුවන් පස්සේ පාරක් ඉල්ලා පෝලිමේ යන්නට අපි සූජානම්.ය.. අපි එහෙව් හරක් ය…

(මේ ලීවේ ඔය හැතැක්ම ගාණක ඇති ඉතා කුඩා කොටසක ඇහැට පේන දෙයකි හරියට හැදුවායැයි කියා පෙන්නවන්නට….අනේ………. ඔය පාරේ එකම එක මීටර් දහයක් ඇත්නම්).. මේ ව්‍යාපෘතිය භාරව කටයුතු කරන අදාල ඉංජිනේරු නිලදරුවා ඇතුළු තීන්දු තීරණ ගන්නා සියළු නිලදරුවන්ද මේවා දැක දැක ඇස්කන් පියාන සිටිනා රට කරවනා එවුන්ගේ ගෝල බාලයින්ටද.. තිස්තුන්කෝටියක් දෙවිදේවතාවුන් වහන්සේලාගේ පිහිට ආරක්ෂාව ලැබී.. අකුණු හෙණ වලින් ආරක්ෂාකරත්වා.

Exit mobile version