වැලිගෙපොල හිටපු ප්‍රාදේශීය ලේඛම්ට විරුද්ධ නඩුව විභාගයට ගැනීමට දින නියම වෙයි.

වැලිගෙපොල හිටපු ප්‍රාදේශීය ලේඛම් සහ දැනට බලංගොඩ ප්‍රාදේශීය ලේඛම් ලෙස රාජකාරි කරන හේරත් මුදියන්සේලාගේ හේමන්ත බණ්ඩාර මහතා ඇතුළු නිලධාරීන් තිදෙනෙකුට සහ කොන්ත්‍රාත්කරුවෙකුට විරුද්දව, බලහත්කාරයෙන් පුද්ගලික ඉඩමක කොටසක් අත්පත් කරගැනීමට විරුද්දව එම ඉඩම් හිමිකරුවන් විසින් 2016 පුද්ගලික අපරාධ නඩුවක් ඉදිරිපත් කර තිබුණි. මෙම පුද්ගලික අපරාධ නඩුව ඉදිරිපත් කිරීමට හේතුව වී තිබුනේ, එම සිද්ධිය පිලිබදව මෙම නිලධාරීන් විවිධ අයුරින් සිදු කරන ලද කරදර පිලිබඳව ගොඩකවෙල පොලිසියට පැමිණිලි කලද, ඒ පිලිබදව කිසිදු ක්‍රියාමාර්ගයක් නොගැනීම හේතුවෙන්, හිංසනයට පත් පාර්ශ්වය විසින් මෙසේ අධිකරණය වෙත පැමිණ තම දුක් ගැනවිල්ල ඉදිරිපත් කර තිබිණි. එම පැමිණිල්ල තුල, ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ සදහන් චෝදනා 13 කට වඩා ඉදිරිපත් කර තිබේ. කෙසේ වුවද මේ සිද්ධිය පිලිබදව පැමිණිලි 12 කට ආසන්න ප්‍රමාණයක් ගොඩකවෙල පොලිසිය වෙත යොමු වුවත් , පැහැදිලිවම එම පැමිණිලි විභාග නොකළ බවද සදහන් වේ.


කෙසේ වුවද, විවිධ කරුණු හේතුවෙන් ඇඹිලිපිටිය මහේස්ත්‍රාත් අධිකරණය මෙන්ම ඇඹිලිපිටිය පළාත්බඳ මහාධිකරණය මගින්ද එම ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් , හිංසනයට පත් පාර්ශ්වය එය ගරු අභියාචනාධිකරණය වෙත අභියාචනා කර තිබේ. 2017 දී පමණ, එම අභියාචනා ඉල්ලීම ඉදිරිපත් කර තිබෙන අතර, එම ඉල්ලීම මේ අගෝස්තු මස 24 වන දින සිට විභාග කිරීමට ගරු අභියාචනාධිකරණය තීරණය කර තිබේ.තතු දත් ආරංචි මාර්ග පවසන්නේ, මෙම නඩුවෙන්  විශාල පණිවිඩයක් සමස්තා ශ්‍රී ලාංකිකයන්ටම ලබා දෙන බවත්, තීන්දුව කුමක් වුවත් , රාජ්‍ය නිලධාරීන් බලහත්කාරකම් සිදු කරන්නේ නම් , ඉතාම පැහැදිලිව පොලිසිය  නීතිය ක්‍රියාත්මක කල යුතු බව මෙම නඩුකරය තුලින් සමාජයට පණිවිඩයක් ලබා දෙන බවද වැඩි දුරටත් පැහැදිලි කරන ලදී.

සටහන – මෙම නඩුව ඉදිරිපත් කර ඇති අහිංසක පාර්ශ්වය විසින් වැදගත් හෙළිදරව්වක් ඉදිරිපත් කර තිබෙන බව පැහැදිලිය. එය නම් යම් අපරාධයක් සිදු වීමෙන් පසුව , අදාළ පොලිසිය නිසි ක්‍රියාමාර්ගයක් නොගතහොත්, එම අපරාධය කෙලින්ම ප්‍රදේශයේ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට ඇති හැකියාවය. එසේම යම් අපරාධයක් පිලිබදව, තොරතුරු කෙලින්ම අපරාධ අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට ඇති හැකියාව මේ නඩුව මගින් පිලිඹිබු කර තිබේ. එසේම මේ අයුරින් අපරාධ නඩුවක් ඉදිරිපත් වූ විට නීතිපති දෙපාර්තමේන්තුවටද දිගින් දිගටම ඉදිරිපත් වීමට නොහැකි අතර, එසේ ඉදිරිපත් වීමෙන් , රජයේ නිලධාරීන් අපරාද සිදු කිරීම සදහා දිගින් දිගටම පෙලෙඹන අතර ආයතන සංග්‍රහයේ 6 වන පරිච්චේදය තුල ඊට අදාළ උපදේශ නීතිපති වෙත ලබා දී තිබේ. කෙසේ වුවද මෙම නඩුව පවරා තිබෙන්නේ පුද්ගලික ස්වරූපයෙන් බැවින් මෙම රජයේ නිලධාරීන්ට පුද්ගලිකව නීතීඥ සහාය ලබා ගැනීමට සිදු විය හැකි බව වාර්තා වන අතර, ආයතන සංග්‍රහයේ 6:6 වන වගන්තියට අනුව නම් පුද්ගලිකව නීතීඥ සහාය ලබා ගත යුතුය. නීතිය එසේ වුවත්, ක්‍රියාත්මක වන්නේ කෙසේද යන්න පිලිබදව , පොදු මහජන අයිතිවාසිකම් වෙනුවෙන් අප බලා සිටිමි.

Exit mobile version