වැලිගෙපොල හිටපු ප්‍රාදේශීය ලේකම්ට නොතීසි.

වැලිගෙපොල හිටපු ප්‍රාදේශීය ලේකම්වරයෙකු වූ WHMBS බණ්ඩාර මහතා ඇතුළු නිලදාරීන් දෙදෙනෙකුටද කොන්ත්‍රාත්රුවෙකුටද නොතීසි නිකුත් කිරීමට  අභියචණාධිකරණය කටයුතු කර තිබේ.

          මගයාය, පුස්සතොට ග්‍රාම සේවා වසමට අයත්  සින්නකර අයිතිය තිබෙන ඉඩමකින් කොටසක් බලහත්කාරයෙන් අත්පත් කරගැනීමට කටුයතු කිරීමට එරෙහිව ගොඩකවෙල පොලිස් ස්ථානය වෙත පැමිණිලි 9 ක් ඉදිරිපත් කලද ඒවා විභාග නොවීම හේතුවෙන් අදාළ ඉඩමේ හිමිකරුවන් විසින් පෞද්ගලික අපරාධ නඩුවක් පවරා ඇත. එම නඩුව කාර්ය පටිපාටිමය වරදක් නිසා නිශ්ප්‍රභා කර තිබේ.

ඉන් අනතුරුව ඇඹිලිපිටිය පළාත්බද මහාධිකරණය වෙත අභියාචනා කර තිබෙන අතර එහිදීද කාර්ය පටිපාටිමය වරදක් හේතුවෙන් නිශ්ප්‍රභා කර තිබේ. කෙසේ වුවද ඇඹිලිපිටිය පළාත්බද මහධිකරණ විනුසුරු කුමාරි අබේරත්න මහත්මියගේ තීන්දුවට අනුව “   පෞද්ගලික කරදරයක් සිදුවන බවට පිළිගෙන තිබේ”. නමුත් කාර්ය පටිපාටිමය වරද හේතුවෙන් පැමිනිලිකරුවන්ගේ ඉල්ලීම ඉවත ලා තිබේ.

එම තීන්දුව නැවත කොළඹ පිහිටි අභියාචණාධිකරණය වෙත අභියාචණා කර තිබෙන අතර එහිදී පසු ගිය දා (03) හෙට්ටිලියනගේ සෙනෙවිරත්න ලියනගේ ( පුස්සතොට වසමේ හිටපු  ග්‍රාම නිලධාරී ) හේරත් මුදියන්සේලාගේ හේමන්ත බණ්ඩාර ( වැලිගෙපොල හිටපු ප්‍රාදේශීය ලේකම්) සිසිල් අතුල ගුණසේකර ( වැලිගෙපොල හිටපු සැලසුම් අධ්‍යක්ෂක) සහ කොන්ත්‍රාත්කරු වන උදේනි සුසන්ත ලියනාරච්චි යන අයවලුන්ට මෙසේ නොතීසි නිකුත් කර තිබේ.

මෙම ප්‍රශ්නගත ඉඩම තුල නැවත නැවත අකටයුතුකම් සිදු වීම හේතුවෙන් නැවත නැවත ගොඩකවෙල පොලිසිය වෙත පැමිණිලි ලැබී තිබේ. කෙසේ වුවද මුල අවස්ථාවේ දී ම පොලිසිය සහ මෙම රාජ්‍ය නිලධාරීන් නීතිය ක්‍රියාත්මක කලේ නම් මෙවැනි තත්වයක් උද්ගත නොවන බව පැහැදිලිය. අභියාචණාධිකරණය මගින් පැමිණිලිකරුගේ ඉල්ලීමට ඉඩ ලබා දුන හොත්  මෙම හතර දෙනාට අමතරව තවත් කිහිප දෙනෙකුටම නඩු පැවරෙන බව සදහන් වේ. නැවත නැවත ආරවුල් ඇති කිරීම මෙම වග උත්තරකරුවන්ට අවාසිදායක තත්වයක් ඇති විය හැකි බව නීතිවේදීන් පෙන්වා දෙයි.

සංස්කාරක සටහන

කරුණු කාරණා කොහොම උනත් වරදක් කලේ නම් දඩුවම් ලැබිය යුතුමය. එසේ නොමැතිව එයින් ගැලවී යාමෙන් හෝ එයට ඉඩ හැරීමෙන් සමාජය දිනෙන් දින පිරිහීමට ලක් වේ. නීතිය ක්‍රියාත්මක  වන්නේ නම් පමණක් සමාජ පරිහානිය සිදු නොවේ. එයින් සමාජය සුරක්ෂා වේ. රාජ්‍ය නිලධාරීන්ගේ වැරදි නිසා මේ දේශය විනාශ වීමට ඉඩ නොදීමට වග බලා ගැනීම කාගේත් යුතුකමකි. වගකීමකි. නීතිය අවිනීතිය කර තම බලය අවභාවිතා කරන පොලිස් හමුදා ඇතුළු අනෙකුත් රාජ්‍ය නිලධාරීන් මෙවැනි කාරනා දෙස අවධානය යොමු කර අනෙකුත් රාජ්‍ය ආයතන නොමග යවමින් කටයුතු කිරීමෙන් සිදු වන සමාජ හානියේ ප්‍රතිපලය ඔවුන්ට අත් විදීමට සිදු වන්නේ ඔවුන්ගේ විශ්‍රාම යාමෙන් පසුවය.  

Exit mobile version