වැලිමඩ,බැලුම්ගල වන වගා රක්ෂිතයේ ඇති වූ ගින්නකින් අක්කර 20කට වැඩි ප්රමාණයක් විනාශ වී තිබෙන බවට වාර්තා වේ.
ඊයේ (19)පස්වරුවේ හටගත් මෙම ගින්න පවතින වියළි කාලගුණය සමග පැතිරීම වේගවත් වූ බවට සැක පළ කරන අතර මෙම ගින්න කිසිවෙකු විසින් ඇති කරන ලද්දක් දැයි සැකයක් පවතී.
කැප්පෙටිපොළ පොලිසිය ,විශේෂ කාර්ය බලකාය ,ප්රාදේශීය ලේකම් කාර්යාල නිලධාරින් හා ප්රදේශවාසින් මෙම ගින්න නිවීම සදහා එක්ව සිටින බව සදහන්.