වැලිසරින් පුපුරන ද්‍රව්‍ය පන්නයි.

වැලිසරින් පුපුරන ද්‍රව්‍ය පන්නයි.

වැලිසර නාවික හමුදා පරිශ්‍රයේ පිහිටි ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් පුපුරන ද්‍රව්‍ය ගබඩාවෙන් සොරකම් කරන ලද පුපුරන ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 70 ග්‍රෑම් 700 ක් පමණ සමග පුද්ගලයන් හතර දෙනෙකු සහ  ත්‍රී රථයක් ද  පොලිසිය මගින් අත්  අඩංගුවට ගෙන ඇත.

සිද්දිය සම්බන්දයෙන් එම ගබඩා බාරකරු බව සැලකෙන ගුවන් හමුදා බලපන්ති සැරයන්වරයෙකු සහ නාවික හමුදාවේ සුළු සේවකයෙකුද අත් අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජේෂ්ඨ නියෝජය පොලිස්පති අජිත් රෝහණ මහතා  ප්‍රකාශ කරන ලදී.

ඒ මහතා තව දුරටත් ප්‍රකාශ කලේ, මෙම පුපුරන ද්‍රව්‍ය සොරකම් කර ගල්කොරි වල ප්‍රයෝජනය සදහා ඔවුන් විකුණා ඇති බවයි.

Exit mobile version