වැලිසර අනතුරින් තුවාල ලැබූ සිසුවාත් මියයයි

පසුගිය 04 වනදා වැලිසර ප්‍රදේශයේ දී සිදු වූ අනතුරෙන් බරපතල තුවාල ලබා දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි සිසුවාද මියගොස් ඇත.

17 හැවිරිදි මෙවර උසස් පෙළ විභාගය හදාරමින් සිටි රත්නපුර ප්‍රදේශයේ සිසුවෙක් මෙලෙස මියගොස් ඇත.

මෙම අනතුරින් සිසුවා ගමන් ගත් යතුරු පැදිය රැගෙන ගිය 52 හැවිරිදි පුද්ගලයා එම ස්ථානයේදී ම මියගොස් ඇති අතර මෙම සිසුවා ද බරපතල තුවාල ලබා කොළඹ ජාතික රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටිය දී මෙලෙස මියගොස් ඇත.

Exit mobile version