ඇලයාපත්තුව පොලිස් වසමේ උළුක්කුලම වැව් රක්ෂිතයේ තිබී නාඳුනන මළ සිරුරක් හමුව ඇති බව වාර්තා වේ.
ඊයේ (03) දහවල් කාලයේ එම රක්ෂිතයේ පිරිමි පුද්ගලයෙකුගේ මෘත ශරීරයක් ඇති බවට ඇලයාපත්තුව පොලීසියට තොරතුරක් ලැබී තිබිණි.
මරණකරුගේ අනන්‍යතාව මෙතෙක් තහවුරු වී නොමැති අතර මෘත ශරීරය හඳුනාගත නොහැකි තත්ත්වයට නරක් වී ඇති බවට පොලීසිය පවසයි.
මෘත ශරීරය පොලිස් ආරක්ෂාව යටතේ එම ස්ථානයේ ඇති අතර අද (04) මහෙස්ත්‍රාත් පරික්ෂණය සිදු කිරීමට නියමිත බව සදහන් .
සිද්ධිය සම්බන්ධයෙන් ඇලයාපාත්තුව පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.