වැව් සහ අමුණු ප්‍රතිසංස්කරණය ඇරඹේ

වාරි සෞභාග්‍යා ජාතික වාරි ප්‍රතිසංස්කරණ වැඩසටහන යටතේ ගෙවී ගිය මාස 07ක කාලය තුළ ග්‍රාමීය වැව් සහ අමුණු 1,400ක් පමණ ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කර ඇත.

මෙලෙස ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කර ඇති වැව් අමුණු අතර ග්‍රාමීය වැව් 1,200ක්, අමුණු සහ වාරි ඇළ මාර්ග 200ක් අයත් බවයි වාරිමාර්ග අමාත්‍යංශය සඳහන් කර සිටියේ.

වාරිමාර්ග අමාත්‍යංශය සඳහන් කරන්නේ මෙම වැව් සහ ඇළ මාර්ග නිසියාකාරව ප්‍රතිසංස්කරණය නොකිරීම හේතුවෙන් කුඹුරු අක්කර ලක්ෂ 5ක් පමණ කන්න දෙකේදීම වගාකිරීමට නොහැකි තත්ත්වයක් නිර්මාණය වී තිබූ බවයි.

එම අමාත්‍යංශය සඳහන් කළේ වාරි සෞභාග්‍යා ජාතික වාරි ප්‍රතිසංස්කරණ වැඩසටහන යටතේ වැව් අමුණු සහ ඇළ මාර්ග 5,000ක් ප්‍රතිසංස්කරණය සඳහා තෝරාගෙන තිබූ බවත් ඉතිරි වසර 03 තුළදී එම යෝජිත 5,000 ඉලක්කය සපුරාලීමට සැලසුම් කර ඇති බවත් ය.

Exit mobile version