ශ්‍රී ලංකාවට ඩොලර් ලබාදෙනු ලබන ප්‍රධානම අංශයක් වන්නේ තේ වගාවයි. නමුත් මේ වන විට පොහොර නොලැබීම සහ තවත් කරුණු රාශියක් නිසා මෙම තේ සමග වැවිලි කර්මාන්තය අඩපණ වෙමින් පවතී.
තේ වගාව සඳහා අවශ්‍ය කරන පොහොර පිටරටින් ගෙන්වීම සිදු කරන නමුත් මේ වන විට ගෙන්වන ලද පොහොර නිසි ලෙස ගොවීන්ට ලබා දී ම සිදු නොවන බව තේ වගාකරුවන්ගෙන් වාර්තා වී තිබේ.
මේ සම්බන්ධයෙන් වැවිලි කර්මාන්ත ඇමතිගෙන් සහ එම ලේකම්ගෙන් විමසීම් සිදු කිරීමේ දී ඔවුන් සදහන් කර ඇත්තේ, ග්‍රාමීය තේ සංගම් වෙත මේ වන විට පොහොර තොග බෙදා දී ඇති බවත්, ඔවුන් විසින් එම පොහොර ගොවීන් වෙත බෙදා හැරීමට කටයුතු කරන බවත් වන නමුත් මේවන තෙක් අවශ්‍ය පොහොර ගොවීන් වෙත ලැබී නොමැත.
පොහොර ලබා දීම සඳහා අවශ්‍ය මුදල් එක්රැස් කරන ලෙස පැවසුවද අනතුරුව පොහොර නොමැති බව සඳහන් කරමින් යළි මුදල් ජනතාවට ලබාදෙන ලෙස සඳහන් කර ඇත. කුඩා තේවතු සංවර්ධන අධිකාරිය වෙත දැනුම් දුන්න ද ඔවුන්ගෙන් ද කිසිදු ප්‍රතිචාරයක් මෙම ගැටලුව සඳහා ලැබී නොමැති බව ගොවීන් සඳහන් කරයි.නමුත් වෙළඳපොළ තුළ යූරියා පොහොර මිටියක් රු.25,000 ක මිලට අලෙවි වීම සිදු වනවා. අලෙවි කිරීම සඳහා පොහොර තිබුණ ද ගොවි ජනතාව සඳහා සහන වශයෙන් ලබා දීමට පොහොර නොමැති වීම නම් පුදුමයට කරුණකි. ඇතැම් පාර්ශවයන් මෙම පොහොර කොට්ටයක් ලබාදීමේ දී ඉන් යම් කමිෂන් එකක් ද ලබා ගන්නා බව ගොවීන් අනාවරණය කර ඇත.
අමාත්‍යවරයා ලෙස වෛද්‍ය රමේෂ් පතිරණ මහතා ප්‍රකාශකරන ආකාරයෙන් පොහොර තිබේ නම්, ඔහු ප්‍රසිද්ධියේ පොහොර තිබෙන බව ප්‍රකාශ කරන්නේ තිබෙන නිසා නම් යම් තැනක අභිරහස් ලෙස විසදා නැති ගැටළුවක් තිබේ. එය අමාත්‍යවරයාට වාර්තා වී නැති බව පැහැදිලිය. එසේ නොමැතිනම් යම් දූෂිත කණ්ඩායමක් අමාත්‍යවරයාට විරුද්ධව කටයුතුකරනවා විය හැකිය. මෙහි සැබෑ තත්වය සොයාබැලීම අමාත්‍යවරයාගේ වගකීම වන අතර ඔහු එසේ සොයා බලා නිසි ක්‍රියාමාර්ගය නොගතහොත් ඉන්දියානු සහ කෙන්යා තේ කර්මාන්තය ඉදිරියට පැමිණ ශ්‍රී ලංකාවේ තේ කර්මාන්තය සම්පූර්ණයෙන්ම වැනසෙනු ඇත.